බියගම ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට අද (11) පෙරවරු 8.30 සිට පස්වරු 6.30 දක්වා පැය දහයක ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව නිවේදනයක් නිකුත් කරමින් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.
ඒ අනුව පෑලියගොඩ , වත්තල , ජා- ඇල ථ කටුනායක සහ සීදුව බල ප්‍රදේශවලටද කැලණිය , වත්තල , බියගම , මහර , දොම්පේ , ජා-ඇල , කටාන , මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍ර දේශයේ කොටසකට මෙලෙස ජල සැපයුම අත්හිටුවේ.
බියගම ජල පවිත්‍රාගාරයේ ස්ථාපිත සූර්යබල විදුලි පද්ධතිය ප්‍රධාන පද්ධතිය හා සම්බන්ධ කිරීම හැ වැඩිදියුණු කිරීම ජල සැපයුම අත්හිටුවීමට හේතුව බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.