පූගොඩ නව අධිකරණ සංකීර්ණයේ ඉදි කිරීම් කටයුතු කඩිනම් කරන්නැයි අධිකරණ ඇමතිගෙන් නිලධාරීන්ට උපදෙස්.

පූගොඩ නව අධිකරණ සංකීර්ණයේ ඉදි කිරීම් කටයුතු කඩිනම් කරන්නැයි අධිකරණ ඇමතිගෙන් නිලධාරීන්ට උපදෙස්.
  • SocialShare:

ඉදි කිරීම් සදහා මුදල් වෙන් කලද පසුගිය වසර තුන හතරක කාලය තුළ අධිකරණ ඉදි කිරීම් කටයුතු සිදුව නොමැති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා  පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ   පූගොඩ නව අධිකරණ සංකීර්ණයේ ඉදි කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට අද(30)පෙරවරුවේ එක්වෙමිනි.


පූගොඩ නව අධිකරණ සංකීර්ණයේ ඉදි කිරීම් කටයුතු ඔක්තෝම්බර් මාසය වන විට අවසන් කරන ලෙස  අමාත්‍යවරයා අදළා නිලධාරින්ට උපදෙස් ලබා දෙන ලදී.  මේ වන විට පූගොඩ අධිකරණයේ කටයුතු පවත්වාගෙන යනු ලබන්නේ කුලී පදනම මත ලබාගත් තාවකාලික ගොඩනැගිල්ලක් තුළයි. එම ස්ථානයේ ද අධිකරණයක් පවත්වා ගෙන යාම සදහා පහසුකම් නැහැ. අධිකරණයේ ඉදි කිරීම් කඩිනමින් අවසන් කිරීමත් සමඟ කුලී ගොඩනැගිලි සදහා මුදල් ගෙවිය යුතු නැහැ . පසුගිය වසර තුනක හතරක පමණ කාලය තුළ අධිකරණ සංකීර්ණවල ඉදි කිරීම් සිදුව නැහැ. එහෙත් වර්තමාන රජය විසින් ඉදි කිරීම් ඇණහිට තිබු අධිකරණ සංකීර්ණ පහක කටයුතු ආරම්භ කර තිබෙනවා. අධිකරණ ඉදි කිරීම් කටයුතුවලට අවශ්‍ය ප්‍රතිපාදන අවශ්‍ය පරිදි මේ වන විට අමාත්‍යාංශය සතුව පවතිනවා. අධිකරණ පහසුකම් උපරිම ලෙස ලබාදීමට මේ වන විට කටයුතු කර තිබෙනවා. විශේෂයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවේ සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ද සහාය ලබා ගනිමින් අධිකරණ පද්ධතියේ පහසුකම් වැඩි දියුණු කිරීමට කටයුතු කරමින් ඇතැයි ද අමාත්‍යතුමා සදහන් කළේය.
මේ වන විට පූගොඩ අධිකරණයේ කටයුතු කාවකාලික ගොඩනැගිල්ලක පවත්වා ගෙන අතර එහි කටයුතු නිරීක්ෂණය කිරීමට ද අමාත්‍යතුමා එක් විය.
පූගොඩ අධිකරණ සංකීර්ණය ඉදි කිරීම සඳහා රුපියල් මිලියන 882 ක් මුදලක් වෙන් කර තිබේ. මහල් තුනකින් සමන්විත පූගොඩ අධිකරණ සංකීර්ණය දිසා අධිකරණයක්, මහේස්ත්‍රාත් අධිකරණයක්, කාර්යාල සහ සෙසු පහසුකම්වලින් සමන්විතව ඉදි කිරීමට නියමිත අතර මෙම වසර තුළ එහි වැඩ අවසන් කිරීමට නියමිතව තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රි, නීතිඥ, උපුල් අබේවික්‍රම මහතා ඇතුළු පූගොඩ නීතිඥ සංගමයේ නීතිඥ මහත්ම මහත්මීන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය හා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව නියෝජනය කරමින් උසස් නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.