ජාතික පරිසර සතිය අද ඇරඹේ

ජාතික පරිසර සතිය අද ඇරඹේ
  • SocialShare:

ජගත් පරිසර දිනයට සමගාමිව නම් කෙරුණු ජාතික පරිසර සතිය අද (30) සිට ආරම්භ කෙරෙන බව පරිසරය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව අද ''ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ දිනය'' ලෙස නම් කර තිබේ. ඊට අදාළ ජාතික වැඩසටහන පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඈන්ටන් ජයකොඩි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි සහ පරිසර අමාත්‍යංශයේ ලේකම් ආර්. උඩුවාවල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යංශයේදී ආරම්භ කර ඇත.

''ප්ලාස්ටික් මගින් සිදුවන දුෂණය අවසන් කරමු'' හවුල්කරුවන් සහ කොටස්කරුවන් ජාතික ප්ලාස්ටික් ක්‍රියාකාරී සැලැස්ම පිළිබද දැනුවත් කිරීම එම වැඩසටහනේදී සිදු කෙරිණි.
පරිසර අමාත්‍යංශය, Clean Sri Lanka සහ ජනාධිපති කාර්යාලය ඒකාබද්ධව මෙවර පරිසර දින ජාතික වැඩසටහන සිදු කරනු ලබන අතර, පරිසර දින සැමරීමෙන් අවසන් නොවී මෙම වසර පුරාවට පරිසරය සංරක්ෂණය සහ පාරිසරික සංවර්ධනය උදෙසා විවිධ ක්‍රියාමාර්ග රැසක් ලබා ගැනීමට ද නියමිතයි.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.