පසුගියදා අභාවප්‍රාප්ත වූ වියට්නාම හිටපු ජනාධිපති Tran Duc Luong මැතිතුමාගේ අභාවය පිළිබඳ සංවේගය පළ කිරීම වෙනුවෙන් දිවංගත ජනාධිපතිතුමාට ගෞරව දැක්වීම පිණිස, කොළඹ පිහිටි වියට්නාම තානාපති කාර්යාලයේ විවෘතව පැවති ශෝක පොතෙහි අත්සන් තැබීම සඳහා පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා අද (24) දින සහභාගී විය.
වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර 1970 වසරේ සිට පවත්වාගෙන එනු ලබන දිගුකාලීන ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණෙන් පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා - වියට්නාම් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය වෙනුවෙන් එම සංගමයේ සභාපති ලෙස පරිසර අමාත්‍යතුමා මෙම අවස්ථාවට සම්බන්ධ විය.
හිටපු වියට්නාම ජනාධිපතිතුමා ශ්‍රී ලංකාව සහ වියට්නාම අතර විදේශ සම්බන්ධතාවලදී ඉතා මිත්‍රත්වයෙන් කටයුතු කළ අයෙකු වන අතර එතුමාගේ අභාවය පිළිබඳ ශ්‍රී ලංකා - වියට්නාම් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාතිශය සංවේගය පළ කරන ලදී.