ජාතික තරුණ දිනයේ සමාරම්භය හෙට - තරුණ සේවා සභාවේ සභාපති නීතීඥ සුපුන් විජේරත්න

ජාතික තරුණ දිනයේ සමාරම්භය හෙට - තරුණ සේවා සභාවේ සභාපති නීතීඥ සුපුන් විජේරත්න
  • SocialShare:

දිවයින පුරා ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් "යූත් ක්ලබ් "යෞවන සමාජ ආරම්භ කරමින්, හෙට(23) ජාතික තරුණ දිනයේ සමාරම්භය සනිටුහන් කරන බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතීඥ සුපුන් විජේරත්න මහතා පැවසුවේය.

ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා මේ බව පැවසුවේ අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

ජාතික තරුණ සේවා සභාව ලෙස යූත් ක්ලබ් පිහිටුවීම වසරක් ඇතුළත ක්‍රියාත්මක කරන විශාලතම ව්‍යාපෘතියක් බව පැවසුවේය. 1983 මැයි 23 වනදා ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික තරුණ සමුළුව ක්‍රියාත්මක  ආරම්භ වූ අතර, එය සංකේතවත් කරමින් මැයි 23 වනදා ජාතික තරුණ දිනය ලෙස නම්කර ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

දිවයින පුරා සිටින වයස අවුරුදු 15ත් - 29ත් අතර තරුණ තරුණියන්ට යූත් ක්ලබ්  සමඟ සම්බන්ධ වීමට හැකියාවක් පවතින බවද පැවසූ ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා, ඒ වෙනුවෙන් ග්‍රාමසේවා වසම් මට්ටමෙන් යූත් ක්ලබ් යෞවන සමාජ 14,033ක් පිහිටුවීමට  සියලු කටයුතු සූදානම්බවද සඳහන් කළේය

ඉන් අනතුරුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමෙන් මැයි 30 සිට ජූලි 15 දක්වා ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශ වල යූත් ක්ලබ් පිහිටුවීමට කටයුතු කරන බවද, ජුනි 01 සිට ජුලි 31 දක්වා දිස්ත්‍රික්ක මට්ටමෙන්ද පිහිටුවීමට සැලසුම් සකස් කර ඇතැයිද සදහන් කළේය. අගෝස්තු 12 ජාත්‍යන්තර තරුණ දිනය දවසේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයට රටේම තරුණ තරුණියන්ව කැඳවලා ජාතික සමුළුවක් පිහිටුවා එහිදී ජාතික තරුණ සම්මේලනය පිහිටුවීමට බලාපොරොත්තු වන බවද පැවසුවේය.

ජාතික තරුණ දිනයේ සිට ජාත්‍යන්තර තරුණ දිනය දක්වා වූ කාල පරාසය ඇතුළත ශ්‍රී ලංකාවේ විශාලතම තරුණ ස්වෙච්ඡා සංවිධානය ස්ථාපිත කිරීමට ජාතික තරුණ සේවා සභාව මේ මොහොතේ කටයුතු කරමින් සිටින බවද අවධාරණය කළේය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.