ද්විපාර්ශ්වික ණය ගිවිසුම ප්‍රතිව්‍යූහගත කිරීම කඩිනමින් අවසන් කිරීමට ප්‍රංශ රජය කැමැත්ත පළ කරයි

ද්විපාර්ශ්වික ණය ගිවිසුම ප්‍රතිව්‍යූහගත කිරීම කඩිනමින් අවසන් කිරීමට ප්‍රංශ රජය  කැමැත්ත පළ කරයි
  • SocialShare:

ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර පවතින ද්වීපාර්ශ්වික ණය ගිවිසුම ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු දෙපාර්ශ්වයටම වාසිදායක ලෙස නිම කිරීමට ප්‍රංශ රජය කැමැත්තෙන් සිටින බව ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රෙමි ලැම්බර්ට් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (19) විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා හමුවූ අවස්ථාවේදීය.
ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කරන දූරදර්ශී ආර්ථික ක්‍රියාදාමය අගය කළ තානාපතිවරයා , ජාත්‍යන්තර කටයුතුවලදී ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ප්‍රංශ රජය කැමැත්ත කළ කරන බවද එහිදී සඳහන් කළෙය.
එසේම ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර පවතින ද්වීපාර්ශ්වික ණය ගිවිසුම ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යය ඉක්මනින් අවසන් කිරීමට අවශ්‍ය බව එහිදී විදේශ අමාත්‍යවරයා තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.