ජාතික රණවිරු සැමරුම් උත්සවය අද ජනපති ප්‍රධානත්වයෙන්

ජාතික රණවිරු සැමරුම් උත්සවය අද ජනපති ප්‍රධානත්වයෙන්
  • SocialShare:

තිස් වසරක් පුරා පැවති ත්‍රස්තවාදය තුරන් කර  රට බේරා ගැනීම සිහිපත් කර වසරක් පාසා පැවැත්වෙන රණවිරු අනුස්මරණ සැමරුම් උත්සවය අද(19) පස්වරු 4.00ට, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අසල දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වේ.

මෙවර ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වෙන්නේ 16වෙනි වරටයි.

ප්‍රධාන වැඩසටහනට අමතරව ත්‍රිවිධ හමුදාව,පොලීසිය සහ සිවිල් ආරක්ෂක බලකාය එක්ව රණවිරුවන් සිහිපත් කරන වැඩසටහන් දිවයින පුරා  සංවිධානයකර ඇතැයි, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පැවසීය. ජාතික රණවිරු සැමරුම්  උත්සවය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවසීය.

රණවිරු සුබසාධනය සඳහා  දිවයිනපුරා විවිධ  වැඩසටහන් සංවිධානය කර ඇති බවත් වෛද්‍ය වැඩසටහන්, ලේ දන්දීම් වැනි වැඩසටහන් සංවිධානයකර ඇතැයිද පැවසීය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.