රජය උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
මෙවර අයවැය ලේඛනයෙන් එම පළාත්වල ග්‍රාමීය මාර්ග සංවර්ධනයට, අධ්‍යාපනය, සෞඛ්‍ය, වාරිමාර්ග වෙනුවෙන් රජය විශේෂයෙන් මුදල් වෙන්කර ඇති බවද පැවසීය.
වැවිලි කර්මාන්තයට මෙවර අයවැයෙන් වැඩි මුදලක් වෙන්කර ඇතැයිද, එම කටයුතු විවිධ අමාත්‍යංශ හරහා සිදුවෙමින් පවතින බවද සඳහන් කළේය. වසර තිහක පමණ යුද්ධයකට මුහුණ දුන් එම ප්‍රදේශ වල ජනතාවගේ ගැටලු වලට කඩිනම් විසඳුම් ලබාදීමට බලාපොරොත්තු වන බවද කැබිනට් ප්‍රකාශකවරයා පැවසීය.