පුරප්පාඩු වී ඇති විභාග කොමසාරිස් ජනරාල් තනතුර සඳහා දැනට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් තනතුරක සේවය කරනු ලබන ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි ඒ.කේ.සුභාෂිණී ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පත් කර තිබේ.
විභාග කොමසාරිස් ජනරාල් තනතුරෙහි සේවය කරන ලද එච්.ජේ.එම්.සී.ඒ.ජයසුන්දර මහතාගේ සේවා කාලය 2025‑05‑06 දිනෙන් අවසන් වී ඇත. ඒ අනුව එම පත්කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාදී තිබේ.