කොළඹ විද්‍යාලයක 10 වසර සිසුවියක අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන

කොළඹ විද්‍යාලයක 10 වසර සිසුවියක අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන
  • SocialShare:

කොළඹ විද්‍යාලයක 10 වන වසරේ පාසල සිසුවියක් අපයෝජන වීමේ සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන ඇති අතර, ඒ සඳහා අමාත්‍යාංශයේ අවධානය යොමු වූ බවය.

ඒ අනුව අදාළ විද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් නිදහසට කරුණු විමසීමටත්, සිද්ධියට අදාළ ගුරුවරයා වහාම ස්ථාන මාරු කිරීමටත් කටයුතු කර ඇතැයි අමාත්‍යාංශය යොමුකළ නිවේදනයේ දැක්වේ.

මේ වනවිට අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශන වාර්තාවක් කැඳවා ඇති අතර, වාර්තාව ලද වහාම විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.