ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස් ද එස්. රාජකරුණා මහතාගේ හා කළමණාකාර අධ්යක්ෂක ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතාගේ ප්රධානත්වයෙන් පළමු සිපෙට්කෝ ලිහිසිතෙල් තොගය ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ජීවක ප්රසන්න පුරසිංහ මහතාට ලබාදීම මුතුරාජවෙල ලිහිසිතෙල් මුසුකිරීමේ යන්ත්රාගාරයේ දී සිදුවිය.
සිපෙට්කෝ ලිහිසිතෙල් ඇමරිකානු පෙට්ට්රෝලියම් ආයතනයේ (API) තත්ත්ව සහතිකය ලබා ඇති ලිහිසිතෙල් වර්ගයකි. මේ දක්වා කෑන් සහ බැරල් වශයෙන් අලෙවි කටයුතු සිදු කළ ද අද දින සිට ලිහිසිතෙල් තොග අලෙවිය ද ආරම්භ කෙරිණි.
.
මෙහිදි අදහස් දැක්වු ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්යක්ෂක ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා,
බහුතරයක් මෙතෙක් කල් අපේ ලිහිසිතෙල් වල ගුණත්මකභාවය පිළිබඳව විවිධ මතවාද සාමාජගත කර තිබුණා. අද අපිට හැකියාව ලැබී තිබෙනවා බහු ජාතික සමාගම් සමඟ කරට කර තරඟ කොට ලිහිසිතෙල් අලෙවි කිරීමට. එහි පළමු තොගය තරඟකාරී ප්රසංම්පාදන ක්රියවලියට අනුව රජ්ය ආයතනයක් වන ලංකා ගමනා ගමන මණ්ඩලයට ලබාදීමට හැකිවීම අපි ලැබු ජයග්රහණයක්. රට තුළත් විදේශ රටවලටත් අලෙවි කොට අපේ ලිහිසිතෙල් කර්මාන්තය ජාත්යයන්තර සන්නාමයක් බවට පත්කිරීමට අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා.
මෙහිදි අදහස් දැක්වු ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ජීවක ප්රසන්න පුරසිංහ මහතා, සඳහන් කළේ මෙතෙක් කල් ඛනිජතෙල් සංස්ථාවෙන් ලිහිසිතෙල් ලබාගෙන නොමැති බවත් මෙම තොග ලබාගැනීම තුළින් ලංකා ගමනා ගමන මණ්ඩලයට මිලියන 45ක පමණ වාසියක් ලැබුන බවයි.
මේ අනුව පාරිභෝගිකයින්ට අවශ්ය ඉන්ධන වර්ග හා ඇමරිකානු පෙට්ට්රෝලියම් ආයතනයේ (API) තත්ත්ව සහතිකයලත් උසස් ප්රමිතියෙන් යුත් සිපෙට්කෝ ලිහිසිතෙල් වර්ග සිපෙට්කෝ පිරවුම්හල්වලින් ලබාගැනීමට පහසුකම් සලසා ඇත.