ඉන්දීය අගමැතිගේ ශ්‍රිලංකා සංචාරය ගැන නිවේදනයක්

ඉන්දීය  අගමැතිගේ ශ්‍රිලංකා සංචාරය ගැන නිවේදනයක්
  • SocialShare:

ඉන්දීය අග්‍රාමාක්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අප්‍රේල් මස 4 වැනි දින සිට 6 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වන බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පවසයි.


මෙම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා , ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සමග ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂිතයි. මෙරට රැඳී සිටින කාලය තුළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී මහා බෝධිය වැඳපුදා ගැනීමට නියමිත අතර ඉන්දීය රජයේ සහය ඇතිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමටද නියමිත බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. එසේම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග එරට විදේශ කටයුතු අමාත්‍ය, ජාතික ආරක්ෂ උපදේශක, විදේශ කටයුතු ලේකම් සහ ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම සංචාරයට සහභාගී වීමට නියමිතයි.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.