එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී, අඩුආදායම්ලාභී පවුල්වලට සහන මිලකට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය පැකේජයක් ලබාදීමට කටයුතු කරන බව, කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
රුපියල් 5000ක වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලත් ආහාර පැකේජයක් රුපියල් 2500ක සහන මිලකට ලබාදීමට සැලසුම් කර ඇතැයිද ඒ සඳහා අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අලුතෙන් අයදුම්පත් ඉදිරිපත් කර ඇති 812,753ක් වන අයදුම්කරුවන් අතරින් යෝග්‍ය ප්‍රතිලාභීන් තෝරාගැනීමට අපේක්ෂා කරන බවද සඳහන් කළේය.
එළඹෙන අප්‍රේල් 01 වනදා සිට අප්‍රේල් 13 දක්වා කාලය තුළ රට පුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් ජාලය සහ කෝප් අලෙවිසැල් මගින් මෙම ආහාර පැකේජය ප්‍රතිලාභීන් වෙත ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය. මෙම ආහාර පැකේජය අවුරුදු සමයේ අඩුආදායම්ලාභී ජනතාවට සහනයක් වේ යැයි අපේක්ෂා කරන බවද වැඩිදුරටත් පැවසුවේය.