රුසියානු තානාපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා අතර හමුවක්

රුසියානු තානාපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා අතර හමුවක්
  • SocialShare:

කොළඹ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති Levan S. Dzhagaryan මහතා ඊයේ(26) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.

උණුසුම් පිළිගැනීමකින් පසු ආරක්‍ෂක ලේකම්වරයා රුසියානු තානාපතිවරයා සමඟ ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත විය.