ධීවර ක්ෂේත්‍රය විධිමත් කිරීමට නව පනත ඉතා වැදගත්

ධීවර ක්ෂේත්‍රය විධිමත් කිරීමට නව පනත ඉතා වැදගත්
  • SocialShare:

ධීවර ක්ෂේත්‍රය විධිමත් කිරීම සඳහා නව ධීවර පනත ඉතා වැදගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ධීවර කමිටුවේ කමිටු සාමාජික අජිත් ගිහාන් මහතා පැවසීය. නව ධීවර සහ ජලජ සම්පත් පනත සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද(10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්  මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

මෙම  නව ධීවර පනතේ නීති රීති තුළ ධීවර ජනතාව එක තැනකට පෙළ ගස්වා  ඔවුන්  ජාතික ආර්ථිකයට දායක කර ගනිමින් ධීවර ක්ෂේත්‍රෙයන් උපරිම ප්‍රයෝජනයක් ලබා ගැනීමට සහ ධීවර ජනතාවගේ ජීවිත සුරක්ෂිත කර ගැනීමට අඩිතාලම දමන බවද මන්ත්‍රීවරයා පැවසීය.

කරදිය සහ මිරිදිය යන සෑම ක්ෂේත්‍රයටම අදාළවන ලෙස මෙම පනත සකස්කළ  බවත්,   සෘජුවම සහ වක්‍රව විශාල ජනතාවක් මේ හා සම්බන්ධවන බවද  මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.

අපේ කර්මාන්තය විධිමත් කර ගන්න ඕන. මේ රජය ධීවර ක්ෂේත්‍රය කෙරෙහි විශේෂ අවධානය යොමු කර තිබෙනවා. ජාතික ආර්ථික ප්‍රතිපත්ති වලට අනුකූලව මෙම පනත සකස් විය යුතුයි.ජාතික ආර්ථික ක්‍රියාවලියට මෙම පනත උපරිමයෙන් උපයෝගී කර ගත හැකි විදියට මෙම පනත සකස්විය යුතුයි.

මෙම අයවැයෙන් වෙනත් රජයන්ට වඩා වැඩි මුදලක් ධීවර ක්ෂේත්‍රයට වෙන් වී තිබෙනවා.

මෙවර අයවැයේ මිලියන 11,400ක් ධීවර ක්ෂේත්‍රයට වෙන් කර තිබෙනවා.ඉන්ධන සහනාධාරය  සඳහා රුපියල් බිලියන 03ක් වෙන් කර තිබෙනවා. මේ අයවැයෙන් තමයි ධීවර ජනතාවට සාධාරණයක් වෙලා තිබෙන්නේ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.