සෞඛ්‍ය සේවාව සහ ඖෂධ යනු මෙරට ජනතාවගේ ජීවිත සමඟ ප්‍රමුඛ ව බද්ධ වූ ක්ෂේත්‍රයක් බැවින් ඒ තුළ විකල්ප නොමැති බවත්, එනිසා එම ක්ෂේත්‍රයන්වල කටයුතු කිරීමේ දී මනා වගකීම, සම්බන්ධීකරණය හා කළමනාකරණය සෘජු ව බලපාන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ ය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ මෙරට රජයේ රෝහල් පද්ධතිය වෙත කිසිඳු හිඟතාවයකින් තොර ව අඛණ්ඩ ඖෂධ සැපයුමක් ලබාදීම ප්‍රමුඛ අරමුණ කරගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවති විශේෂ සාකච්ඡාවේදී අදහස් දක්වමින් ය.
සෞඛ්‍ය අමාත්‍යාංශය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, වෛද්‍ය සැපයුම් අංශය, මුදල් අමාත්‍යාංශය, ඖෂධ සැපයුම්කරුවන්ගේ වාණිජ මණ්ඩලය, බටහිර ඖෂධ දේශීය නිෂ්පාදකයන්ගේ සංගමය යන ආයතනවල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මෙම විශේෂ හමුව පැවැතිවිණි.
මෙහි දී ප්‍රසම්පාදන ක්‍රියාදාමය සවිමත් කිරීම, අඛණ්ඩ ඖෂධ සැපයුමක් රජයේ රෝහල්වල පවත්වාගෙන යාම, ගෝලීය ගැටලු මත සැපයුම් ජාලය අඩාල වීමට බලපාන ගැටලු, ඖෂධ නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීම, ඖෂධ නිෂ්පාදනය සදහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය කඩිනමින් මෙරටට ගෙන්වීම යන කරුණු පිළිබඳව පූර්ණ අවධානය යොමු කරමින් ඒ හා බැඳුණු අනෙකුත් කරුණු සහ ගැටලු පිළිබදව ද මෙහි දී සාකච්ඡාවට භාජනය විය.
සෞඛ්‍ය හා ඖෂධ ක්ෂේත්‍රයේ සිදු කරන සෑම ක්‍රියාවලියක් තුළ ම අඛණ්ඩ අධීක්ෂණය සහ පසු විපරම වඩාත් වැදගත් වන බවත්, ඒ හරහා ඖෂධ සැපයුම් ජාලය අඛණ්ඩ ව පත්වාගෙන යාමට හැකි වන බවත්, අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දෙන ලදි.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කිරීමේ දී සැවොම වගකීමෙන් කටයුතු කළ යුතු බව ද එහි දී යම් යම් අවස්ථාවන්වල අවදානමක් ගැනීමට සිදුවන බවත්, පෙන්වා දුන් අමාත්‍යවරයා ප්‍රමුඛ අරමුණ ඉටු කිරීමේ දී කුමන අභියෝග, අවදානම් පැමිණිය ද ඒ තුළ නිවැරදි ව හා අවංක ව ක්‍රියා කිරීම තුළින් සාර්ථක ප්‍රතිඵල ළඟා කර ගත හැකි බව ද පැවසී ය.
මේ වනවිට ඖෂධ ක්ෂේත්‍රයේ පැවති බොහෝමයක් ගැටලුවලට වත්මන් රජය විසඳුම් ලබා දීමට කටයුතු කර ඇති බවත්, මෙවර අයවැයෙන් ද සෞඛ්‍ය ක්ෂේත්‍රය සදහා ඉතිහාසයේ වෙන් කළ වැඩි ම මුදල් ප්‍රමාණය වෙන් කර ඇති බව ද සිහිපත් කළ අමාත්‍යවරයා එම සියලු මුදල් නිසි ක්‍රමවේදයට, සැලසුම් සහගත ව යොදවා මෙරට ජනතාවට ගුණාත්මක, විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් ලබා දීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයට තමන් නායකත්වය ලබා දෙන බව ද වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ය.
මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන්, ඇතුළු පිරිසක් එක්ව සිටියහ.