අමරපුර මහා නිකායේ උත්තරීතර සන්නස් පත්‍රය පූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති නාහිමිපාණන් වෙත ප්‍රදානය කිරීම මාර්තු මස 10 වැනි දින සවස 3.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව එම සංඝසභාවේ ලේඛකාධිකාරි බලපිටියේ සිිරිසීවලී ස්වාමින්වහන්සේ පැවසූහ.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.
මෛත්‍රීමූර්ති නාහිමියන් අමරපුර නිකායේ පස්වැනි උත්තරීතර මහානායක හිමියන් වන අතර මින් පෙර මෙම ධුරයට පත් ව ඇත්තේ අග්ගමහා පණ්ඩිත මඩිහේ පපඥ්ඥාසීහ හිමි, අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඥාණිස්සර හිමි , අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස හිමි සහ දොඩම්පහල චන්ද්‍රසිරි නාහිමිවරුන් වේ.
උන්වහන්සේ වර්ෂ 1948 ඔක්තෝබර් මස 01 වැනි දින මාතර කඹුරුපිටිය ප්‍රදේශයේදී උපත ලබා ඇති අතර වර්ෂ 1962දි අග්ග මහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රීය නාහිමිපාණන් වහන්සේ වෙතින් ප්‍රවෘජ්ජාව ලබා උතුම් පැවිදි දිවියට ඇතුළත් වූ බව මෙම සාකච්ඡාවට එක්වෙමින් සහකාර ලේඛකාධිකාරී අම්බලන්ගොඩ සුමේධානන්ද ස්වාමීන්වහස්සේ ප්‍රකාශ කළහ.