ලෝක වනජීවි දිනය අදයි

ලෝක වනජීවි දිනය අදයි
  • SocialShare:

එක්සත් ජාතීන්ගේ සංවිධානය 2013 වසරේදී මෙම දිනය ප්‍රකාශයට පත් කළ අතර වඳවීමේ තර්ජනයට ලක්ව ඇති වනජීවී සත්ත්ව හා ශාක විශේෂවල ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ සම්මුතිය (CITES) අත්සන් කිරීම සංකේතවත් කරමින් සෑම වසරකම මාර්තු 3 වැනිදා ලෝක වනජීවි දිනය සමරනු ලබයි.

වනජීවී සංරක්ෂණය මිනිසා හා පෘථිවියේ අනාගත ආයෝජනයයි’ යන්න මෙවර වනජීවී දිනයේ තේමාව වේ.

මේ වනවිට විශේෂ මිලියනයකට  වඩා අවදානමට ලක්ව ඇති බැවින්, ජෛව විවිධත්වය අහිමි වීමට එරෙහිව සටන් කිරීම සඳහා වාර්ෂිකව ඩොලර් බිලියන 824 ක් අවශ්‍ය වන අතර එය දැනට ආයෝජනය කර ඇති ඩොලර් බිලියන 143 ඉක්මවා තිබේ.

පරිසර පද්ධති පවත්වාගෙන යාමේදී වනජීවීන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බැවින් අනාගත පරම්පරාව සඳහා තිරසර සංරක්ෂණයක අවශ්‍යතාව වෙනුවෙන් ආයෝජනය කළ යුතු බව මෙවර තේමාවේ වැඩිදුරටත් සඳහන් වේ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.