ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ශ්රී ලංකාවේ ඊජිප්තු තානාපති ආදිල් ඊබ්රහිම් අහමඩ් ඊබ්රහිම් මහතා (Adel Ibrahim Ahmed Ibrahim) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (27) පැවැත්විණි .
ශ්රී ලංකාව සහ ඊජිප්තුව අතර දිගුකාලීන මිතුදම ශක්තිමත් කිරීම පිළිබඳ මෙන්ම අතර දෙරටේ සංචාරක සහ ආයෝජන ක්ෂේත්රයේ පවතින ගැටලු සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
ජනාධිපති ජ්යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති කාර්යාලයේ උපදේශක මොහොමඩ් මාදි (Mohomed Mady) යන මහත්වරුද මෙම අවස්ථාවට එක් වූහ.