ශ්‍රි ලංකාවේ ප්‍රථම “ ජල බැටරිය” වන මහ ඔය පොම්ප කළ ජල ගබඩා විදුලි ව්‍යාපෘතිය දියත් කිරීමට විදුලි බල මණ්ඩලයේ දැවැන්ත ඉදිරි පියවරරක්

ශ්‍රි ලංකාවේ ප්‍රථම “ ජල බැටරිය” වන මහ ඔය පොම්ප කළ ජල ගබඩා විදුලි ව්‍යාපෘතිය දියත් කිරීමට විදුලි බල මණ්ඩලයේ දැවැන්ත ඉදිරි පියවරරක්
  • SocialShare:

2025 ජනවාරි මාසය ශ්‍රී ලංකාවේ බලශක්ති ගමනේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලබන අතර, රටේ ප්‍රථම "ජල බැටරිය" වන මහ ඔය පොම්ප කළ ජල ගබඩා විදුලි ව්‍යාපෘතිය දියත් කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය දැවැන්ත ඉදිරි පියවරක් තබයි.

මෙගාවොට් 600 ක මුළු ස්ථාපිත ධාරිතාවයකින් යුත් මෙම ව්‍යාපෘතිය, සූර්ය හා සුළං බලයෙන් ජනනය වන බලශක්තිය අතිරික්තයක් පවතින විට ඒවා ගබඩා කර ඉල්ලුම ඉහළ යන විට එය නැවත විදුලිබල පද්ධතියට සපයනු ඇත.

2030 වන විට විදුලි උත්පාදනයෙන් 70% ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන්, උත්පාදනය කිරීමේ ශ්‍රී  ලංකාවේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සදහා මෙම ව්‍යාපෘතිය ඉතා වැදගත් වේ.

මෙම ව්‍යාපෘතිය අරණායක සහ නාවලපිටිය ප්‍රදේශවල පිහිටුවන ජලාශ දෙකක්, කිලෝමීටර් 2.5 ක උමං මාර්ගයකින් සම්බන්ධ කර ක්‍රියාත්මක වන මහා පරිමාණ බලශක්ති ගබඩා කිරීමේ පද්ධතියකි. මෙමගින් ශ්‍රී ලංකාව තීරණාත්මක ලෙස පුනර්ජනනීය බලශක්තිය කරා යන පරිවර්ථනීය ගමන, පොසිල ඉන්ධන මත යැපීම අඩු කර වායු විමෝචනය සැලකිය යුතු ලෙස අවම කිරීමේ ඉලක්කය සපුරා ගනී.

මෑතකදී පැවති රැස්වීමකදී, ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් වෙත ව්‍යාපෘතියේ මූල්‍ය මාර්ග සිතියම නිල වශයෙන් හඳුන්වා දෙනු ලැබීය. පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලක් සහතික කරමින් විදුලි ගාස්තු සඳහා වන බලපෑම් අවම කිරීම සඳහා ජාත්‍යන්තර ආයතනවලින් දිගුකාලීන අරමුදල් ලබා ගැනීම ලංකා විදුලිබල මණ්ඩලයේහි අරමුණයි.

මහ ඔය පොම්ප කළ ජල ගබඩා විදුලි ව්‍යාපෘතිය මගින් නියෝජනය වන්නේ බලශක්ති ස්වාධීනත්වය, පුනර්ජනනීය බලශක්තිය අවශෝෂණය කර ගැනීම සඳහා පද්ධති සහාය, ආර්ථික වර්ධනය, රැකියා උත්පාදනය සහ පාරිසරික තිරසාරභාවයයි. ලංකා විදුලිබල මණ්ඩලය සියලු පාර්ශවකරුවන්ට ආරාධනා කරන්නේ ශ්‍රී ලංකාවේ දීප්තිමත් හරිත බලශක්ති අනාගතයක් කරා යන ගමනට සහයෝගය දක්වන ලෙසයි.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.