තුර්කි තානාපතිවරයා සහ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්

තුර්කි තානාපතිවරයා සහ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්
  • SocialShare:

තුර්කි ජනරජයේ තානාපති සෙමි ලූට්ෆූ ටර්ගට් (Semih Lütfü Turgut) මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා හමු විය.

තුර්කිය තුළ ශ්‍රී ලාංකික සිසුන්ට උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම, ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය තව දුරටත් වැඩි දියුණු කිරීම සඳහා තුර්කි රජයේ සහයෝගය ලබා දීම යන කරුණු සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා සහ තානාපතිවරයා අතර සාකච්ඡා සිදු විය.

එමෙන් ම තුර්කිය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතිකමය සහයෝගිතාව ගොඩනැඟීම සඳහා තුර්කි සංස්කෘතික මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා විය.