දිවයිනම ආවරණය වන පරිදි වී ගබඩා පිරිසිදු කිරීම් කටයුතු යුද්ධ හමුදාවේ දායකත්වයෙන්

දිවයිනම ආවරණය වන පරිදි වී ගබඩා පිරිසිදු කිරීම් කටයුතු යුද්ධ හමුදාවේ දායකත්වයෙන්
  • SocialShare:

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ ත්‍රිවිධ හමුදාවේ සේනාධිනායක අනුර කුමාර දිසානායක මහතාගේ මඟ පෙන්වීම යටතේ දැනට දිවයින පුරා ක්‍රියාත්මක ‘Clean Sri Lanka’ ජාතික වැඩසටහනට සමගාමීව මෙවර මහ කන්නයේ වී අස්වැන්න රජය විසින් මිලදී ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර, එම වී මිලදී ගැනීමෙන් පසු වී අලෙවි මණ්ඩලය සතුව ඇති වී ගබඩාවන් 209ක ගබඩා කිරීමට රජය විසින් සැලසුම් කර ඇත.

එලෙස වී ගබඩා කිරීමට නියමිත වී අලෙවි මණ්ඩලයට අයත්‌ වී ගබඩාවන්‌ හා ඒ අවට භූමිය දීර්ඝ කාලීනව භාවිතා නොකිරීම හේතුවෙන්‌ භාවිතයට සුදුසු අයුරින්‌ පිරිසිදු කිරීමට සහ සුළු අළුත්‌වැඩියාවන්‌ සිදු කිරීමට සිදුව ඇති බැවින්,‌ ජාතික අවශ්‍යතාවය සඳහා ආරක්‍ෂක අංශ වල සහයෝගය ලබාදීම වෙනුවෙන් ආරක්‍ෂක ලේකම්‌තූමාගේ උපදෙස් ප්‍රකාරව හා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ 2025 ජනවාරි මස 18 වන දින සිට 2025 ජනවාරි මස 27 වන දින දක්වා සියලු ආරක්‍ෂක සේනා මූලස්ථානයන් විසින් දීපව්‍යාප්ත වී ගබඩා පිරිසිදු කිරීමේ වැඩසටහනක් සැලසුම් කර ඇති අතර, එහි සමාරම්භයක් වශයෙන් එනම් ඊයේ (18) දින ප්‍රදේශ කිහිපයක පිහිටි වී ගබඩාවන් පිරිසිදු කිරීම හා අළුත්වැඩියාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ශ්‍රම දායකත්වය ලබා දෙන ලදී.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.