පොහොසත් රටක් නිර්මාණය කිරීම සඳහා වන වැඩපිළිවෙලට සමගාමීව මාධ්‍යවේදීන්ගේ වෘත්තිය ගරුත්වය රැකෙන වැඩපිළිවෙලක් සකස් කරන බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේදී පසුගියදා (15) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.
මාධ්‍යවේදීන්ගේ වේතන, වෘත්තීය නිදහස සහ වෘත්තිය රැකවරණය හිමිවන වැඩපිළිවෙළක් මේ යටතේ සකස් වන බව ඒ මහතා සඳහන් කළේය. ඒ අනුව මාධ්‍යකරුවා වෘත්තිය මාධ්‍යවේදියෙකු බවට පත් කිරීම අපේක්ෂාව යැයිද ඔහු වැඩිදුරටත් පැවසුවේය.
මාධ්‍යවේදීන්ගේ වෘත්තියට කිසිදු බලපෑමක් වත්මන් ආණ්ඩුව සිදු නොකරන බවත් මාධ්‍යවේදීන්ගේ වෘත්තිය ගරුත්වය ආරක්ෂා කිරීම ආණ්ඩුවේ අපේක්ෂාවක් යැයි ද පැවසූ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා වෘත්තිය මාධ්‍යකරණයේ නිරතවන ජන මාධ්‍යවේදීන් ආචාර ධර්ම, මාධ්‍ය ක්ෂේත්රයේ පවතින තාක්ෂණය සහ ජන මාධ්‍ය භාවිතයට යොමු වන අඛණ්ඩ වැපිපිළිවෙලක් සඳහා යොමු කරන බව ද පැවසුවේය.
සමාජ මෙහෙවරක් කරන මාධ්‍යවේදීන්ට සාධාරණයක් ඉටු කිරිම සඳහා රජය නිරන්තරයෙන් මැදිහත් වන බව ද අමත්‍යවරයා අවධාරණය කළේය.