අභිනවයෙන් පත් වූ යුද හා නාවික හමුදාපතිවරුන්ට අගමැතිනිය සුභ පතයි

 අභිනවයෙන් පත් වූ යුද හා නාවික හමුදාපතිවරුන්ට අගමැතිනිය සුභ පතයි
  • SocialShare:

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිනව හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා ඊයේ (16)   පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය. 

 යුද හමුදාපති වශයෙන් පත්වීම් ලැබීමෙන් පසු ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ සහ අග්‍රාමාත්‍යවරිය අතර සිදු වූ පළමු නිල හමුව මෙය වන අතර  නව හමුදාපති ලෙස පත්වීම පිළිබඳ ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා වෙත අග්‍රාමාත්‍යවරිය සිය සුභාශිංසන පළ කළාය. 

 26 වැනි නාවික හමුදාපතිවරයා ලෙස පත්වීමෙන් පසු  වයිස් අද්මිරාල් කාංචන  බානගොඩ හා අග්‍රාමාත්‍යවරිය අතර සිදු වූ  පළමු නිල හමුවද අද (16) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය. අභිනව නාවික හමුදාපති ලෙස පත්වීම පිළිබදව වයිස් අද්මිරාල් කාංචන  බානගොඩ මහතා වෙත අග්‍රාමාත්‍යවරිය සිය සුභාශිංසන මෙහිදී  පළ කළාය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.