වතුකරයේ ජනතා හඬ සංවිධානය සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්

වතුකරයේ ජනතා හඬ සංවිධානය සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්
  • SocialShare:

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ වතුකරයේ ජනතා හඬ ( Voice of plantation people organization ) සංවිධානයේ සාමාජිකයන් අතර විශේෂ හමුවක් අද (16) අග්‍රාමාත්‍ය කාර්‍යාලයේ දී පැවැත්විණි.

මෙරට දකුණ හා බස්නාහිර පළාත්වල වෙසෙන ආන්තික ජන කොට්ඨාසයක් වන මලෛහම් වතු කම්කරුවන්ගේ ඉඩම්,නිවාස, අධ්‍යාපන ඇතුළු මූලික අයිතිවාසිකම් සම්බන්ධ ගැටලු පිළිබඳව මෙහි දී සාකච්ඡා විය.

ඉදිරිපත් කෙරුණු දකුණ හා බස්නාහිර පළාත්වල වෙසෙන මලෛහම් ජනයාගේ මූලික ඉල්ලීම් සහිත ප්‍රකාශනය කෙරෙහි අග්‍රාමාත්‍යවරියගේ විශේෂ අවධානය යොමු වූ අතර දරුවන්ගේ පාසල් අධ්‍යාපනය හා වෘත්තීය පුහුණු පහසුකම් සම්බන්ධව සෘජුව මැදිහත් වී කටයුතු කරන බවත්, යටිතල පහසුකම් හා ඉඩම්, නිවාස ගැටලු සම්බන්ධව අදාල අමාත්‍යවරයා වෙත යොමු කර එම ඉල්ලීම් සඳහා විසඳුම් ලබා දීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍යවරිය පැවසීය.

මෙම සාකච්ඡාව සඳහා වතුකරයේ ජනතා හඩ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ඇන්තනී ජේසුදාසන් මහතා, වැඩසටහන් අධ්‍යක්ෂිකා රවීනා හසන්ති මහත්මිය, ජාතික වැඩසටහන් සම්බන්ධීකාරක රාජන් මහත්මිය ඇතුළු සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.