චීන වෙළඳපොලට ශ්‍රී ලංකාවෙන් කුකුල් මස්

චීන වෙළඳපොලට ශ්‍රී ලංකාවෙන් කුකුල් මස්
  • SocialShare:

චීන රේගු පාලන ආයතනය මැදිහත් වීමෙන් ශ්‍රී ලංකාවෙන් කුකුල් මස් චීනයට අපනයනය කිරීම සඳහා ගිවිසුමක් අත්සන් කිරීමට යෝජනා වී ඇතැයි කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබ්නට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
මෙය නිශ්චිත ක්‍රියා පටිපාටියක් අනුව සිදුකිරීම සඳහා දෙරට අතර ක්‍රියා පටිපාටිය සම්බන්ධ පරීක්ෂා කිරීම, නිරෝධායනය, සෞඛ්‍ය අවශ්‍යතා ඇතුලත් කර සකස් කරන ලද ගිවිසුමක් අත්සන් කිරීමට යෝජනා වී ඇතැයිද එම ගිවිසුම අත්සන් තැබීම සඳහා කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.