යාපනයේ රටවිරු ප්‍රජාව වෙනුවෙන් සුබසාධන සේවාවන් රැසක් -ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

යාපනයේ රටවිරු ප්‍රජාව වෙනුවෙන් සුබසාධන සේවාවන් රැසක් -ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

ජාත්‍යන්තර සංක්‍රමණික දිනයට සමගාමීව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් යාපනය දිස්ත්‍රික්කයේ විගමනික ශ්‍රමිකයන්ගේ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය හා පාසල් උපකරණ ලබාදීම ඊයේ(28)යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.

මෙහිදී 2022 වර්ෂයට අදාළව සිසු දරුවන් 26 දෙනෙකු වෙනුවෙන් රුපියල් හත්ලක්ෂ හැටදහසක් වටිනා ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරිණ.

එසේම පාසල් දරුවන් අනූ අට දෙනෙකු වෙනුවෙන් එක් අයෙකුට රුපියල් දස දහසක් වටිනා පාසල් උපකරණ කට්ටලයක් ලබාදීම මෙහිදී සිදුවිය.

මෙම අවස්ථාවට යාපනය දිස්ත්‍රික් ලේකම්, 

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී ඇතුළු කාර්යාංශ සුභ සාධන අංශයේ නිලධාරීන් ද සහභාගි  විය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.