එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානි වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානි Douglas E. Sonnek මහතා වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ඊයේ (17) ඔහුගේ කාර්යාලයේදී හමුවිය.

 එහිදී  එක්සත් ජනපද දූත පිරිස උණුසුම් ලෙස පිළිගත් අතර, මූලික වශයෙන් අන්‍යෝන්‍ය හා ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් සුහද සාකච්ඡාවක නිරත වී තිබේ.

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක Seth Nevins, සහ දේශපාලන නිලධාරී Kevin Price යන මහත්වරුන් ද, මෙම අවස්ථාවට එක්විය.

 

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.