2009 ට පෙර ලබා ගත් රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට තීරණයක් ගෙන නැහැ - මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්

2009 ට පෙර ලබා ගත් රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට තීරණයක් ගෙන නැහැ - මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්
  • SocialShare:

2009 ට පෙර ලබා ගත් රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට වන අවසන් තීරණයක් මේවන විට ගෙන නොමැති බවත් ඒ පිළිබදව ඉදිරි කටයුතු සිදුකිරීමට පියවර ගනිමින් පවතින බවත් නිවේදනයක් නිකුත් කරමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසයි.

එසේම දැනටමත් 2009 ට පෙර ලබා ගත් රියදුරු බලපත්‍ර වෙනුවට නව රියදුරු බලපත්‍ර ලබා ගැනීමට කටයුතු කරන ලෙස මාධ්‍ය මගින් දැනුවත් කර ඇති බවත් එම නිවේදනයේ වැඩ්දුරටත් සඳහන් වේ.