නියමිත ප්‍රමිතියට නොතිබූ ගල් අඟුරු ආනයනය සම්බන්ධයෙන් අදාළ සමාගමෙන් ඇමරිකන් ඩොලර් මිලියන 2.1ක පමණ දඩ මුදලක් අයකර ගත් බව ලංකා ගල් අඟුරු සමාගමේ සාමාන්‍ය අධිකාරි නාමල් හේවගේ මහතා පවසයි.
මතභේදාත්මක ගල් අඟුරු ආනයන සිද්ධිය පිළිබඳ කරුණු දැනුම්වත් කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී ඔහු පැවසුවේ, ලක් විජය ගල් අඟුරු බලාගාරයේ විශේෂඥයන් ඉදිරියේ අදාළ ගල් අඟුරු සාම්පල ලබා ගත් අතර, එම සාම්පල ඉන්දීයාවට යවා අදාළ පරීක්ෂණ කටයුතු සිදු කළ බවය.
කෙසේ වෙතත්, දෙවැනියට ගෙන ආ ගල් අඟුරු නෞකාවේ සාම්පල වාර්තා වල කිසිදු ගැටලුවක් නොමැති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
තෙවැනි නෞකාව සහ සිව්වැනි නෞකාවද මේ වනවිට ගොඩ බාමින් පවතින බව නාමල් හේවගේ මහතා සඳහන් කළේය.


