පාන රජයේ අරමුදල් සහය ඇතිව ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය (IOM) විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියක් යටතේ, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය, ජපාන තානාපති කාර්යාලය සහ IOM සංවිධානය එක්ව බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ප්‍රථම ස්වයංක්‍රීය දේශසීමා පාලන පද්ධතිය (E-Gate) අද(28) නිල වශයෙන් ආරම්භ කළහ.
මෙම නව පද්ධතියේ නිල ආරම්භය සනිටුහන් කරමින්, වැඩ බලන ආගමන හා විගමණ පාලක ජනරාල් චමින්ද පතිරාජ මහතා E-Gate පද්ධතිය හරහා ගමන් කළේය.
මෙම අවස්ථාවට වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා, නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා, අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඩබ්.එස්. මංගල මහතා සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඇතුළු මහත්ම මහත්මීන් සහභාගී වූහ.
ජපාන රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අකියෝ ඉසොමතා (Akio Isomata) මහතාද, IOM සංවිධානය වෙනුවෙන් මෙහෙයුම් ප්‍රධානී ක්‍රිස්ටීන් පාර්කෝ (Kristin Parco) මහත්මියද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී මෙම ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දැක්වූ අනුර කරුණාතිලක අමාත්‍යවරයා ගෝළීය ප්‍රමිතීන් මඟ පෙන්වීමෙන් නවීකරණය හරහා ගුවන් සහ වරාය ක්‍ෂේත්‍ර සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය කැපවී සිටින මෙම මොහොතේ මෙම ව්‍යාපෘතිය අපගේ ජාත්‍යන්තර ගමන් සහ වෙළඳාම සඳහා ආරක්‍ෂිත සහ කාර්යක්‍ෂම දොරටුවක් ලෙස අපගේ භූමිකාව තව දුරටත් ශක්තිමත් කරන බව ප්‍රකාශ කළේය. තවද ශ්‍රී ලංකා රජය ගෙන යන ඩිජිටල් පරිවර්තනය සහ මහජන සෞඛ්‍ය ආරක්‍ෂාව ජාත්‍යන්තර සෞඛ්‍ය ප්‍රමිතීන්ට අනුකූලව සංවර්ධනය කිරීමට ජපාන රජය ලබා දෙන සහයෝගීතාවන්ට ස්තූතිය පුද කළේය.
ජපාන තානාපතිවරයා අදහස් දක්වමින් නව රජය සිදුකරගෙන යන ආර්ථික ප්‍රතිසාධනය සහ තිරසාර සංවර්ධනය සඳහා ජපාන රජය පූර්ණ සහයෝගය ලබා දෙන බව පවසා සිටියේය. එමෙන්ම ජපාන රජයේ ණය සහන යටතේ සිදු කෙරෙන බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පර්යන්තය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රධාන පිවිසුම් දොරටුව සම්පූර්ණයෙන්ම මෙම පරිවර්තනය සමඟ ඉඳිවන බව අනාගතයේදී දැකගත හැකි වන බව ද ප්‍රකාශ කළේය. ජපානය ශ්‍රී ලංකාවේ තිරසාර ආර්ථික සංවර්ධනය සඳහා විශ්වාසවන්ත හවුල්කරුවකු ලෙස ඉදිරියටත් කටයුතු කරණු ඇති බවද ඔහු සඳහන් කළේය.


