පරිසර අමාත්‍යංශයේ “වනස්පති” වැඩසටහන තුලින් හදුන්වාදුන් “වනසුරැකුම,මධ්‍යස්ථානයේ 1995 කෙටි දුරකතන අංකයට දින 10 ඇතුළත ඇමැතුම් 500කට වැඩි ප්‍රමාණයක් ලැබි ඇත. ඒ අතරින් පරිසරයට අදාල පැමිණි 61 ක් සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමුව ඇත.
වන හානි,වන ජිවීන්ට සිදු කරනු ලැබු විවිධ නීතිවිරෝධ ක්‍රියාවන්,කඩොලාන තෙත්බිම් ගොඩකිරීම් සහ වන රක්ෂීත ප්‍රදේශයන් හෙලිපෙහෙලි කිරීම් ඇතුළු සිද්ධීන් රැසකට අදාලව මහජන පැමිණිලි යොමු කර තිබු අතර 2025.11.03 දින සිට 2025.11.12 දින දහවල් 12.00 දක්වා මහජන පැමිණිලි ඇමැතුම් 61ක් ඊට ලැබි ඇත.
මේ දක්වා ලැබි ඇති මුළු පැමිණිලි සංඛ්‍යාවෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ වන හානි සම්බන්ධයෙන් පැමිණිළි 53 ක් වාර්තා වි ඇති අතර ඉන් පැමිණි 13කට අදාලව පරික්ෂණ සිදුකර අධිකරණයට යොමුකර නීතිමය ක්‍රියා මාර්ගයන් ගෙන ඇත. ඉතිරි පැමිණිලි 40 සදහා පරික්ෂණ අඩවි වනසංරක්ෂණ කාර්යාල මට්ටමින් සිදුකර කඩිනමින් අධිකරණ ක්‍රියා මාර්ගයන් ගැනීමට නියමිතය. වනජිවි දෙපාර්තමේන්තුවට අදාල පැමිණිලි 08ක් සම්බන්ධයෙන්ද විමර්ශන අවසන් වු වහාම නීතිමය ක්‍රියාමාර්ගයන් ගැනීම සදහාද යොමුකර ඇත.
මෙහිදි පරිසරයට සිදුකරනු ලබන හානිකර තත්වයන් සම්බන්ධයෙන් මහජන පැමිණිලි කඩිනමින් විභාග කර නීතිමය ක්‍රියා මාර්ග ගැනීම මෙම මෙහෙයුම් ඒකකය ස්ථාපිත කිරිමේ මුලික අරමුණයි.


