රාජ්‍ය සේවයේ මුළු පුරප්පාඩු තනතුරු 15,839ක් සඳහා බඳවාගැනීම් සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කර අත්‍යවශ්‍ය බඳවා ගැනීම් ප්‍රමාණයන් සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා 2024-12-30 අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවේ නිර්දේශ ඉදිරිපත් කර ඇත.
ඒ ඒ අමාත්‍යංශ යටතේ පවතින දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතනවල පවතින තනතුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා එම කමිටුව වෙත යොමු කර ඇති ඉල්ලීම් පිළිබඳව 2026-02-12 දින පැවති එම කමිටු රැස්වීමේදී සලකා බලා ඉදිරිපත් කර ඇති නිර්දේශ අග්‍රාමාත්‍යතුමිය විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අතර එහිදී එක් එක් අමාත්‍යංශ වලට අදාලව විවිධ තනතුරු පුරප්පාඩු සංඛ්‍යා සඳහා බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ තනතුරු 300ක්, ආරක්ෂක අමාත්‍යංශයේ තනතුරු 9794ක්, ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ තනතුරු 121ක්, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ තනතුරු 1915ක් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ තනතුරු 776ක් වශයෙන් අමාත්‍යංශ 29ක් සදහා මුළු පුරප්පාඩු තනතුරු 15,839ක් වෙත බඳවාගැනීම් සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.


