ළමා හා කාන්තා කාර්යංශයේ, කාන්තාවන් සහ ළමුන් සම්බන්ධයෙන් සිදුවන අපරාධ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා ස්ථාපිත කරන ලද 109 මෙහෙයුම් මැදිරිය(NCMEC) නවීන පහසුකම් යටතේ නවීකරණය කර වීවෘත කිරීම ඊයේ(20) සිදු විය.
109 මෙහෙයුම් මැදිරිය හරහා ළමා හා කාන්තා කාර්යංශය මඟින් දිවයින පුරා ළමුන් හා කාන්තාවන් සම්බන්ධයෙන් සිදුවන අපරාධ විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සඳහා IOM නියෝජ්‍ය ව්‍යාපෘති ප්‍රධානී Kamoshida Naoaki මහතා, වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා, ළමා හා කාන්තා කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය ඇතුළු කාන්තා කාර්යංශ නිලධරයන් පිරිසක් ද එක්ව සිටියහ.