මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහැර අගොස්තු 08 රාත්‍රිෙය් විදි සංචාරය කිරීමට සැලසුම් කර ඇතැයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය.
2025 මහනුවර ඇසළ පෙරහැරේ සංවිධාන කටයුතු සාකච්ඡා කිරීම සඳහා ඊයේ (19) ශ්‍රී දළදා මාලිගාවේ පැවැති සාකච්ඡාවේදී දියවඩන නිලමේවරයා මේ බව පැවසීය.ෙසතර මහා දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් ජුලි මස 25වැනිදා ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ කෙරේ.ෙ දේවාල අභ්‍යන්තර පෙරහැර දින 05ක් පැවැත්වීමෙන් අනතුරුව ප්‍රථම කුඹල් පෙරහැර ජුලි 30 වැනිදා වීදී සංචාරය කෙරේ. කුඹල් පෙරහැර ජුලි 30 සිට අගෝස්තු 03 දක්වා වීදී සංචාරය කිරීමෙන් පසු අගෝස්තු 04 වනදා ප්‍රථම රන්දෝලි පෙරහැර වීදී සංචාරය කරන බව දියවඩන නිලමේවරයා පැවසීය.


