මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන හා සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 04 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
විභාගය අවසන් වනතුරු එම තහනම ක්‍රියාත්මක බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්.
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 10 වැනිදා ආරම්භ වී දෙසැම්බර් මස 05 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.
යම් අයෙක් , ආයතනයක් හෝ වෙනත් පාර්ශවයක් මෙම නියෝග නොසලකා ක්‍රියා කරනු ලැබුවොත් මෙම පනත යටතේ ඔවුන් වරද කරුවන් වන බවත් එසේ නියෝග කඩකිරීමක් වේ නම් ඒ පිළිබඳව ළගම ඇති පොලිස් ස්ථානයට හෝ පොලිස් මූලස්ථානය හෝ ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත පහත ඇති දුරකතන අංක අමතා පැමිණිලි කළ හැක.
පොලිස් මූලස්ථානය - 0112421111
පොලිස් හසිදි ඇමතුමු අංකය - 119
ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුමු අංකය - 1911
පාසැල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව - 0112784208 / 0112784537


