මෙරට සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ශක්තිමත් කරමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණ පෙරදැරිව සෞඛ්‍ය සේවාවේ වෘත්තීය කාණ්ඩ කිහිපයකට අදාලව පත්වීම්ලාභීන් 154 දෙනෙක් සඳහා පත්වීම් ප්‍රදානය කිරිමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඊයේ (10) කටයුතු කරන ලදි.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු නිලධාරින්ගේ සහභාගීත්වයෙන් මෙම පත්විම් ප්‍රධානෝත්සවය කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
විකිරණ ශිල්පී උපාධිය හදාරන ලද හා ශ්‍රවණවේදී කාර්මික ශිල්පීය උපාධිය හදාරන ලද, සය මාසික අනුස්ථාපන සහ සමායෝජන පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කරන ලද විකිරණ ශිල්පීන් ලෙස 69 දෙනෙකුට සහ ශ්‍රවණවේදී කාර්මික ශිල්පීන් ලෙස 10 දෙනෙකුට මෙහිදී නව පත්වීම් ප්‍රදානය කෙරුණි.
එමෙන්ම ප්‍රාථමික අර්ධ ශිල්පීය (PL-2) සේවා ගණයේ සෞඛ්‍ය රසායනාගාර සහායක හා කීටවිද්‍යා ක්ෂේත්‍රයේ උපස්ථායක තනතුරු සඳහා සීමිත පදනම මත බඳවා ගන්නා නිලධාරින් ලෙස කීටවිද්‍යා සහායකයින් 04 දෙනෙකුට සහ රසායනාගාර සහායකයින් 71 දෙනෙකුට ද නව තනතුරට අදාලව පත්වීම් ලිපි ප්‍රදානය මෙහිදී සිදු කෙරිණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ පත්වීමි ලද සියළු වෘත්තිකයින් මෙරට සෞඛ්‍ය සේවාවට අත්‍යාවශ්‍ය කාර්ය මණ්ඩල වන බවත්, කාන්තා විකිරණ ශිල්පීන් ලෙස සැළකිය යුතු සංඛ්‍යාවක් එම සේවාවට එක්වීම ඉතා වැදගත් වන බවත්, විශේෂයෙන් පියයුරු පිළිකා රෝගීන් හදුනා ගැනීමේ පරීක්ෂණ ක්‍රමවේදයන් ඇතුළු සේවා සඳහා ඔවුන්ගේ සේවාව ඉතා වැදගත්වන බව ද පැවැසීය. තම පවුලේ සාමාජිකයෙක් රෝගී වුන විට තමන්ට එන හැගීම සහ අවශ්‍යතා, සේවා ලාභියාගේ මානසික සහ සෞඛ්‍ය අවශ්‍යතාවය සේ සළකා කටයුතු කළ යුතු බව ද පැවැසීය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) I ජනක කිත්සිරි, අතිරේක ලේකම් (පාලන) II චාමික එච්.ගමගේ, අතිරේක ලේකම් (පාලන) III කේ.පී යෝගචන්ද්‍ර ඇතුළු අතිරේක ලෙක්ම්වරු, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු, අධ්‍යක්ෂවරු ඇතුළු නිලධාරී සහ පත්වීම්ලාභීන් එක්ව සිටියහ.


