අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී බැංකු කාඩ්පත් මඟින් ගෙවීමේ පහසුකම මැයි 01 සිට

අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී බැංකු කාඩ්පත් මඟින් ගෙවීමේ  පහසුකම මැයි 01 සිට
  • SocialShare:

එළඹෙන මැයි 01 දාසිට සියලුම අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී බැංකු කාඩ්පත් මඟින් ගනුදෙනු කිරීමේ පහසුකම ලබාදෙන බව මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.


රථ වාහන ස්ථානීය දඩ GovPay ක්‍රමය යටතේ ගෙවීම් කිරිම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා අද(11) රජයේ ප්‍රවෘත්ති දෙපාරත්මේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එකවෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. කොට්ටාව සහ කඩවත අධිවේගී මාර්ගපිටවීම් දොරටුවල අද සිට මෙහි නියමු ව්‍යාපෘතිය ආරම්භකරන බවද අමාත්‍යවරයා පැවසීය.

අධිවේගී මාර්ගවල ගෙවීම් කිරීමේදී සිදුවන ප්‍රමාදය නිසා පිවිසුම් සහ පිටවීම් දොරටු අසළ බොහෝවේලා රැඳීසිටීමට සිදුවන බව අමාත්‍යවරයා සඳහන් කළේය. බැංකු කාඩ්පත් මඟින් ගෙවීම් කිරීමේදී තප්පර 08ක් වැනි කෙටි කාලයක්තුලදී ගෙවීම් සිදුකිරීමට හැකියාව ලැබෙන බවද කීය.අධිවේගී මාර්ගවල ගෙවීම් සිදුකිරීමේදී සිදුවූ වංචා සම්බන්ධයෙන් පසුගිය සමයේ වාර්තා වූ බවත් මෙම ඩිජිටල් ක්‍රමවේදය හරහා ඒ සඳහා අවස්ථාව නොලැබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.