අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 ලෝක තරුණ සමුළුව - රටවල් සංඛ්‍යාව 169 දක්වා ඉහළට Featured

    2014 තරුණයින් පිළිබඳ ලෝක සමුළුව සඳහා සහභාගී වන රටවල් සංඛ්‍යාව 169 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (02) රාත‍්‍රිය වන විට මෙම සංඛ්‍යාව තම නියෝජනය පිළිබඳ තහවුරුව ලබා දී තිබේ. 
     
    ඒ අනුව මෙතෙක් පැවති තරුණයින් පිළිබඳ ලෝක සමුළුවලට වඩා ප‍්‍රගතියක් මෙරට දී පැවැත්වීමට නියමිත සමුළුව මඟින් අත්පත් කර ගැනීමට හැකියාවක් ලැබෙන බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති, තරුණයින් පිළිබඳ ලෝක සමුළුවෙහි මාධ්‍ය ප‍්‍රකාශක නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා පැවසීය.
     
    පොදුවේ සියලුම මහද්වීප නියෝජනය වන පරිදි මෙම සහභාගීත්වය වර්ගීකරණය වී තිබෙන අතර, අප‍්‍රිකානු, ලතින් ඇමරිකානු සහ මධ්‍යම ඇමරිකානු රටවල් විශාල සංඛ්‍යාවක් ඊට ඇතුළත් ය.
     
    අපේ‍්‍රල් 29 වැනි දින, පස්වරුවේ මෙම සමුළුවට සහභාගි වන ප‍්‍රථම විදේශීය තරුණ නියෝජිත පිරිස දිවයිනට පැමිණි අතර, ඔවුන් ස්ලෝවීනියානු සමූහාණ්ඩුව නියෝජනය කරනු ලබයි. මොවුන් කල් ඇතුව පැමිණීමේ විශේෂත්වය වූයේ තරුණ සමුළුවට සමගාමීව ශ‍්‍රී ලංකාවේ තරුණ කටයුතු පිළිබඳ කෙටි අධ්‍යයනයක් සිදු කිරීමයි.
     
    විශේෂයෙන් යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ සහ පා.ම. නාමල් රාජපක්ෂ මහතාගේ සම සභාපතීත්වයෙන් යුතු තරුණ සමුළු සංවිධාන කමිටුව දෙවසරකට ආසන්න කාලයක් මුළුල්ලේ ගනු ලැබූ උත්සාහයන් හි ප‍්‍රතිඵලයක් ලෙස, මෙම වාර්තාගත රටවල් සංඛ්‍යාවක තරුණ නියෝජනය පිළිබඳ සඳහන් කළ හැකි බව මාධ්‍ය ප‍්‍රකාශකවරයා තවදුරටත් ප‍්‍රකාශ කළේය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya