මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයවැය කාරක සභා අවස්ථා‍වේ විවාද‍යේ ‍දෙවැනි දිනය අද Featured

    නොවැම්බර් 04, 2014

    විසර්ජන පනත් ‍කෙටුම්පත 2015 වෙනු‍වෙන් කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා වෙන් කළ දින 17න් 2 වැනි දිනය වන අද (04) අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂයන් සඳහා පාර්ලි‍මේන්තු විවාදය පැවැත් ‍වේ.


    නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය සහ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂයන් සම්මත කර ගැනීම සඳහා ආණ්ඩු පක්ෂය අද පාර්ලි‍මේන්තුවට ඉදිරිපත් කර ති‍බේ.


    ‍පෙරවරු 10.00 සිට පස්වරු 12.30 දක්වා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශ වැය ශීර්ෂය ද පස්වරු 01.00 සිට පස්වරු 6.30 දක්වා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂය ද විවාදයට ලක්‍ ‍කෙ‍රේ.


    රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් සඳහා රු. 225,022,000,000ක් ද මූලධන වියදම් සඳහා රු. 60,000,000,000ක් ද අනුමත කරගැනීමට ද,


    නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් සඳහා රු. 51,000,000,000ක් ද මූලධන වියදම් සඳහා රු. 6,500,000,000ක් ද අනුමත කරගැනීමට ආණ්ඩු පක්ෂය අ‍පේක්ෂා කරයි.


    අනතුරු ව සභාව කල්තැබී‍මේ අවස්ථා‍වේ ‍යෝජනාව පිළිබඳ විවාදය ආරම්භ ‍වේ.


    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya