මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුවන්තොටුපොල මඟීන්ගේ සහ ගුවන්තොටුපොල භාවිතා කරන්නන්ගේ  ආරක්ෂාව සහ පහසුව සඳහා අනුගමනය කළ යුතු පියවර

    මැයි 13, 2019

    ගුවන්තොටුපොල මඟීන්ගේ සහ ගුවන්තොටුපොල භාවිතා කරන්නන්ගේ ආරක්ෂාව සහ පහසුව සඳහා අනුගමනය කළ යුතු පියවර

    1. ගුවන් මගීන් සඳහා පොදු උපදෙස්
    • ·ගුවන්තොටුපොල වෙත පැමිණෙන මඟීන් සිදුවිය හැකි ප‍්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා පිටත්වීමට නියමිත වේලාවට පැය 4කට පෙර ගුවන්තොටුපොල වෙත පැමිණිය යුතුය.
    • ·නැවත දැනුම් දෙනතුරු පර්යන්ත ගොඩනැගිල්ලට ඇතුළු වීම ගුවන් මඟීන්ට පමණක් සීමාකර ඇත. එබැවින් ප‍්‍රමාදයන් වළක්වා ගැනීම  සඳහා  අමුත්තන් රැගෙන ඒමෙන් වළකින්න.
    1. විදේශයන් වෙත පිටත්වන මඟීන් සඳහා (Departure Passengers)
    • ·විදේශයන් වෙත පිටත්වන මඟීන් රැගෙන එන සියලුම රථ වාහන ගුවන්තොටුපොල ප‍්‍රධාන පිවිසුමෙන් ගුවන්තොටුපොල පරිශ‍්‍රයට පිවිසිය යුතුය.
    • ·මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ සිට ගුවන්තොටුපොලට පැමිණෙන රථ වාහන ආඩිඅම්බලම ප‍්‍රදේශයෙන් හරවා කෝවින්න මාර්ගය ඔස්සේ ඇවරිවත්ත ප‍්‍රදේශයෙන් ගුවන්තොටුපොල ප‍්‍රධාන පිවිසුමට ලඟා විය යුතුය.
    • ·හඳුනාගන්නා ලද සංචාරක කණ්ඩායම් රැගෙන එනු ලබන බස් රථ ආරක්ෂක ක‍්‍රියාමාර්ග වලින් අනතුරුව පිටත්වීමේ පර්යන්තය පිටත ආලින්දය අසලට යොමුකරනු ලැබේ.
    • ·මඟීන් පර්යන්තයට යොමුකළ පසු එම රථ වාහන පිටවීමේ දොරටු අංක 3හරහා මිනුවන්ගොඩට මාර්ගයට පිවිස කොළඹ දෙසට ගමන් කළ යුතුය.
    • ·ප‍්‍රධාන පිවිසුමේ සිට පර්යන්තය දක්වා යාමට ගුවන් මගීන් සඳහා සියලු පහසුකම් සහිත නව මාර්ගයක් සකසා ඇත. පිටවීමේ පර්යන්තයේ පළමු පිවිසුම අසලම එම ගුවන් මගීන්ගේ බඩු බාහිරාදිය පරීක්ෂා කිරීමේ x- කිරණ යන්ත‍්‍රය ස්ථාපිත කර ඇත.
    1. ගුවන්තොටුපොලට පැමිණෙන මඟීන් (Arriving Passengers)
    • ·විදේශ රටවල සිට පැමිණෙන මඟීන් රැගෙන  යාම සඳහා ගුවන්තොටුපොල වෙත පැමිණෙන රථ වාහන කොළඹ සිට මිනුවන්ගොඩ මාර්ගයේ පැමිණ පැමිණීමේ පර්යන්තය සඳහා වු නව විශේෂ පිවිසුම් මාර්ගය ඔස්සේ ගුවන් තොටුපොල පැමිණිමේ පර්යන්තයේ පිටත මාර්ගයට පිවිසිය යුතුය.
    • ·මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ සිට ගුවන්තොටුපොලට පැමිණෙන රථ වාහන ආඪිඅම්බලම ප‍්‍රදේශයෙන් හරවා කෝවින්න මාර්ගය ඔස්සේ ඇවරිවත්ත ප‍්‍රදේශයෙන් පැමිණීමේ පර්යන්ත පිවිසුමට ලඟා විය යුතුය.
    • ·  පැමිණීමේ පර්යන්තය වෙත රථ වාහන ඇතුලු කළ යුත්තේ ගුවන් මඟීන් පිටත ආලින්දය වෙත පැමිනී  බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව බව සළකන්න.
    • ·  විදේශ රටවල සිට පැමිණෙන මඟීන් රැගෙන  යාම සඳහා ගුවන්තොටුපොල වෙත පැමිණෙන රථ වාහන පැමිණීමේ පරියන්තය ආසන්නයේ ඇති රථ ගාල වෙත යොමුකරන අතර රථ වාහන නවතා තැබීමේ කාලය උපරිම පැය 3කට සීමා කරන බව දන්වා සිටී.
    • ·ගුවන්තොටුපොල කාර්යබහුල කාලයන්වලදී පැමිණීමේ පර්යන්තය වෙත එන රථ වාහන පරීක්ෂාව පිටත්වන වාහන පරීක්ෂා කරන ස්ථානයේදීද  කරගැනීමේ පහසුකම් සපයා ඇත .
    • ·ගුවන්තොටුපොල  පරිහරණය කරන්නන් වෙත රථ වාහන නවතා තැබීම සඳහා ගුවන්තොටුපොල සියලු රථ ගාල් විවෘතව පවතී.
    • ·ගුවන්තොටුපොල පැමිණීමේ මඟීන්ගේ පහසුව සඳහා පැමිණීමේ පර්යන්තයේ සිට දුරස්ථ රථ ගාල වෙත නොමිලේ බස් රථ ප‍්‍රවාහන සේවයක් ක‍්‍රියාත්මක වේ.
    • ·ගුවන්තොටුපොල ඉදිරියේ මිනුවන්ගොඩ මාර්ගයේ රථ වාහන නවතා තැබීමටල මඟීන් ගොඩබැස්සවීමට හෝ නංවාගැනීමට අවසර නොදෙන බව කාරුණිකව දන්වා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya