අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිංගප්පුරු ගිවිසුමෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 16ක ආයෝජන ලැබුනේ නෑ... මලික් ගේ කතාව ඔප්පු කලොත් අස්වෙනවා

    ජූලි 24, 2018

    ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික ඒකකය විසින් පුංච් බොරැල්ල - වජිරාශ්‍රමයේ දී පැවැත් වූ මාධ්‍ය හමුවක දී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් සිංගප්පූරු ආයෝජන පිළිබඳව කරන ලද ප්‍රකාශය සාවද්‍ය ප්‍රකාශයක් බවත්, නොබෝදා පාර්ලිමේන්තුව හමුවේ ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත්  කරන්නට යෙදුන සභාව කල් තැබීමේ විවාදයේ දී ඔවුන් ලද අන්ත පාරජය වසන් කරමින්, ජනතා අවධානය වෙන අතකට යොමු කිරීම සඳහා යොදා ගන්නා ලද කූට උපායක් ලෙස හැඳින්විය හැක.

     

    මා පාර්ලිමේන්තුවේ දී කරන ලද ප්‍රකාශය හැන්සාර්ඩ් වාර්තා ගත වී ඇති හෙයින් මේ පිළිබඳව සත්‍ය තොරතුරු ඕනෑම අයෙකුට පරීක්ෂා කර බැලිය හැක. එහිදී මවිසින් සඳහන් කෙළේ, මෙම ගිවිසුමට එළඹීම නිසා දැනටමත් අපට විදේශ ආයෝජන සම්බන්ධයෙන් යෝජනා රාශියක් ලැබී ඇති අතර පසු ගිය මාස දෙක හමාර ඇතුලත දී පමණක් ඇමෙරිකානු ඩොලර් බිලියන 16 කට වැඩි ඍජු ආයෝජන සඳහා වන යෝජනා සිංගප්පුරු සමාගම් වලින් ලැබී තිබෙන වගයි. මගේ කතාවේ කිසි තැනක ඇමෙරිකානු ඩොලර් බිලියන 16ක ආයෝජනයක් මේ වන විට ලංකාවට ලැබී ඇතැයි සඳහන් නොවේ.  මෙම යෝජනා අතර 100% ක් අපනයනය අරමුණු කර ගත් ඇමෙරිකානු ඩොලර් බිලියන 14.8 ක ආයෝජනයක් සහිත තෙල් පිරිපහදු සංකීරණයක්, ඩොලර් බිලියනයක ආයෝජනයක් සහිත, අපනයනය ප්‍රමුඛ කොට ගත් වානේ නිපදවන කර්මාන්ත ශාලාවක් සහ අනු පිළිවෙලින් ඩොලර් මිලියන 50ක් සහ 200 ක්  වූ ආයෝජන සහිත තිරිඟු පිටි සහ සීනි පිරිපහදු සංකීර්ණ සඳහා වූ යෝජනා ඇති බවද මවිසින් පැහැදිලි කරන ලදී. එලෙසම, මෙම යෝජනා සියල්ලේම එකතුව ඩොලර් බිලියන 16කට වඩා අධික වන අතර ඒ සඳහා වූ මුලික අවසරය ආයෝජන මණ්ඩලය මේ වන විටත් ලබා දී  ඇති අතර මෙකී ව්‍යාපෘති වලට අවශ්‍ය ඉඩම් නිදහස් වූ පසු සහ නිසි පාරසරික බලපෑම් ඇගයීමේ අධ්‍යනයකට පසු එම ව්‍යාපෘති ආරම්භ කිරීමට හැකි වන බව ද මවිසින් වැඩි දුරටත් පැහැදිලි කරන ලදී. මවිසින් පාර්ලෙමෙන්තුවේ දී කරන ලද ප්‍රකාශය ජාතික පුවත්පත් වලද පල කෙරිණි. මේ සත්‍ය තොරතුරු ජනතාවට ඉදිරිපත් වීම, ජනතාව රැවටීම තුලින් බලයට පැමිණීමට බලාසිටින ඒකාබද්ධ විපක්ෂයේ බලාපොරොත්තු අනපේක්ෂිත ලෙස කඩා වැටීමකි. ඔවුන් බලාපොරොත්තු වුයේ අදාළ විවාදය හරහා ඔවුන් ඉදිරිපත් කල සාවද්‍ය තොරතුරු ජනතාව අතර ප්‍රචලිත කිරීම වුවත් සිදු වුයේ ඊට හාත්පසින්ම වෙනත් දෙයකි.  

    මවිසින් විස්තරාත්මකව ඉදිරිපත්කරන ලද එම ප්‍රකාශය, සිංගප්පුරු ගිවිසුම හරහා මේ වන විටත් ඇමෙරිකානු ඩොලර් බිලයන 16ක ආයෝජන මෙරටට පැමිණ ඇති බවට මා ප්‍රකාශ කළා යැයි විකෘති කර දැක්වීම සම්පුර්ණයෙන්ම අසත්‍ය සහ ජනතාව නොමඟ යැවීම පිණිස හිතා මතාම කරන ලද සාවද්‍ය ප්‍රකාශයක් ලෙස හඳුන්වනු කැමැත්තෙමි.

    මුලින්ම මෙම ගිවිසුමට කැබිනට් අනුමැතිය නොමැති බවත්, එය මවිසින් ජනාධිපති තුමා ඇතුළු සමස්ත කැබිනට් මණ්ඩලයම රවටා, අවශ්‍ය නීතිමය අනුමැතිය නොමැතිව අත්සන් කරන්නට යෙදුන බවට බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරන්නට යෙදුනි. මේ කරුණු වල ද කිසිදු සත්‍යතාවයක් නොමැති වුවත් එම කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට යෙදුන සභාව කල් තැබීමේ යෝජනාවට ද ඇතුලත් කර තිබුණි. එහෙත්, ඒ කිසිම චෝදනාවක් පිළිගත හැකි සාධක මගින් තහවුරු කිරීමට සමස්ත ඒකාබද්ධ විපක්ෂයටම නොහැකි විය. ගිවිසුම පිළිබඳව සත්‍ය කරුණු පාර්ලිමේන්තුවට සහ ජනතාවට එලිදරව් විය. ඔවුන් බලාපොරොත්තු වූ පරිදි පාර්ලිමේන්තුව සහ ජනතාව බොරුවෙන් රැවටීමට ඔවුන්ට නොහැකි විය.

    මෙලෙස සිදුකරන අසත්‍ය ප්‍රකාශ හරහා සමස්ත පාර්ලිමේන්තුව සහ එකාබද්ධ විපක්ෂයේ තම සගයින් පවා නොමඟ යවමින් කරන ලද සාවද්‍ය ප්‍රකාශ නිසා ඇති වන බලවත් අප්‍රසාදය සහ විවේචන වලින් මාධ්‍ය ඇතුළු සියලු දෙනාගේ අවධානය වෙනත් අතකට යොමු කිරීමේ කූට අරමුනින් මෙවැනි සම්පුර්ණයෙන්ම අසත්‍ය මෙන්ම විහිලු සහගත ප්‍රකාශ නිකුත් කරන්නට සිදු වීම ඔවුන් ගේ බංකොලොත් දේශපාලනය පිලිබඳ පැහැදිලි නිදසුනකි.

    ජනතාවට වග කියන රජයක් සහ අමාත්‍යංශයක් ලෙස අදාළ ව්‍යාපෘති පිළිබඳව නිසි අධ්‍යයනයකින් පසු, පාරිසරික බලපෑම් පිළිබඳව ද සොයා බලා සුදුසු ව්‍යාපෘති අනලස්ව ක්‍රියාත්මක කිරීමට මා සහ මගේ අමාත්‍යාංශය සහ ඊට අනුයුක්ත සියලුම ආයතන කටයුතු කරන බව අවධාරණය කරනු කැමැත්තෙමි.

    මලික් සමරවික්‍රම (පා.ම.)

    සංවර්ධන උපාය මාර්ඝ සහ ජ්‍යාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය

    2018 ජුලි  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya