මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සත්‍යය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතිය අන්තර්ජාලයෙහි පළ කරන ලද නම් ලැයිස්තුවක් කෙරෙහි විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

    ජූනි 20, 2018

    මාධ්‍ය නිවේදනය-

    සත්‍යය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතිය (International Truth and Justice Project) විසින් අන්තර්ජාලයෙහි පළ කරන ලද නම් ලැයිස්තුවක් කෙරෙහි විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

    එම සංවිධානය පවසන ආකාරයට, දැනට නම් 351 කින් සමන්විත සහ http://www.disappearance.itjpsl.com/#lang=english යන අන්තර්ජාල ලිපිනයෙන් ප්‍රවේශ විය හැකි මෙම ලැයිස්තුවට ඇතුළත් වනුයේ 2009 මැයි මාසයේදී ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා භාරයේ සිටියදී අතුරුදන් වී යැයි කියනු ලබන පුද්ගලයන්ය.


    තවත් කාර්යයන් අතර, අතුරුදන් වූ පුද්ගලයන් සෙවීම, ඔවුන් එසේ අතුරුදන් වූ වාතාවරණයන් හා ඔවුන්ට අත් වූ ඉරණම පැහැදිලි කිරීම; පුද්ගලයන් අතුරුදන්වීමේ සිද්ධීන් අඩු කිරීම පිණිස අදාල බලධාරීන් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම; අතුරුදන් වූ පුද්ගලයන්ගේ හා ඔවුන්ගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් සහ අභිලාෂයන් ආරක්ෂා කිරීම; සහ එවැනි අතුරුදන් වූ පුද්ගලයන්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට පිළියම් ලබාගැනීම සඳහා භාවිතා කළ හැකි යෝග්‍ය මාර්ග හඳුනා ගැනීම යන කාර්යයන් ඉටු කිරීමට නියම වූ ශ්‍රී ලංකාවේ ඇති නිත්‍ය සහ ස්වාධීන ආයතනය වනුයේ පාර්ලිමේන්තු පනතකින්
    (2017 අංක 09 දරන පනතෙන් සංශෝධනය කරනු ලැබූ 2016 අංක 14 දරන පනත) 1 පිහිටුවනු ලැබ ඇති අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයයි.


    එබැවින්, පහත සඳහන් තොරතුරු අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය වෙත දැනුම් දෙන ලෙස මෙරට හෝ විදේශවල වාසය කරන සියලු දෙනාගෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශය කාරුණිකව ඉල්ලා සිටින අතර එසේ කිරීම දිරිමත්ද කරයි:


    -සත්‍යය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතිය විසින් ලැයිස්තු ගත කර ඇති පුද්ගලයන්ට සහ ඔවුන් අතුරුදන් වූ වාතාවරණයන්ට අදාල තවත්/වැඩිදුර/ සවිස්තරාත්මක
    ඕනෑම තොරතුරක්;

    -පනතේ 27 වැනි වගන්තියෙන් නිර්වචනය කොට ඇති ආකාරයට අතුරුදන් වූයේ යැයි සැලකිය හැකි, ආරක්ෂක හමුදා සහ පොලිස් සාමාජිකයන්ද ඇතුළු පුද්ගලයන්ට අදාලව ඕනෑම පුද්ගලයකු/
    ආයතනයක් සතුව ඇති වෙනත් ඕනෑම ලැයිස්තුවක්/ තොරතුරක්.

    ඔබ සතුව ඇති ඕනෑම තොරතුරක් කරුණාකර පහත සඳහන් ලිපිනයට යොමු කරන්න :

    සභාපති
    අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය
    ලිපිනය: 34, නාරාහේන්පිට පාර, නාවල, ශ්‍රී ලංකාව
    විද්‍යුත් ලිපිනය: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya