ඔක්තෝබර් 24, 2018

tamieng

    අඳහස් සහ මත පළ කිරීමෙන් සමජයට කුමක් ද සිදුවන්නේ ද යන්න ගැන අපට වගකීමක් තිබෙනවාද?

    මැයි 26, 2018

    ජාතික සංහිඳියාව මෙරට ස්ථාපිත කිරීමට ජනමාධ්‍යවේදියා සතු කාර්යභාරය - දැනුවත් කිරීමේ වැඩමුළුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පසුගිය ද පැවැති අතර එහිදී ජනමාධ්‍යවේදීන් අමතමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ
    ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා සිදු කළ කතාව.

    අප විසින් කල්පනා කළ යුතු කාරණයක් වන්නේ,අප කුමන වෘත්තියේ යෙදුනත් ඒ සියල්ලට ඉහළින් අප මේ රටේ පුරවැසියන්.පුරවැසියා සම්බන්ධයෙන් ජනමධ්‍යවේදියාට වගකීමක් තිබෙනවා. ඊට ඉහළින් සැළකීමේ දී අප මනුෂ්‍යයන්.අප කුමන කාර්යය කළත්, එම කාර්යය කිරීමේ දී සමාජ වගකීම,කෙසේද තේරුම් ගන්නේ කියන කරුණ වැදගත්. එය අප තුළම සාකච්ඡාවට ලක් කළ යුතු වෙනවා.

    මාධ්‍යකරුවාගේ භුමිකාව තමයි,හඬක් නොමැති ජනතාවගේ හඬ වීම. මාධ්‍යකරුවා තමා දකින දෙය වාර්තා කළ යුතුයි. එම වාර්තාව සමාජය තුළ කම්පනයක් ඇති කළ විට එම කම්පනය මඟින් සමාජයට බලපෑමක් ඇතිවෙනවා.

    සල්මන් රුෂ්ඩි ප්‍රකට ලේඛකයෙක්.එහෙත් ඔහුගේ ජීවිතයේ විශාල කාලයක් ගත කරන්න සිදු වුණේ සැඟවිලා. ඔහු ලියූ දේවල් මඟින් කිසියම් ආගමකට අපහසවනව කියන කාරණය මත කිසියම් කණ්ඩායමක් මඟින් ඔහුගේ හිසට මිලක් නියම කරලා,තිබුණු නිසා සල්මාන් රුෂ්ඩිට සිදු වුණා සැඟවී ජීවත් වෙන්න. අඳහස් සහ මත පළ කිරීම නිසා සමජයට කුමක් ද සිදුවන්නේ කියන එක ගැන අපට වගකීමක් තිබෙනවාද?

    එසේ වගකීමක් තිබේ නම් එය දරන්නේ කවුරු වශයෙන්ද? තනිවමද? සංගම් ලෙස ද?ආයතන වශයෙන් ද? ඒ වගකීම ගත යුත්තේ රජය ද? රජය පත් කළ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ද? පුවත්පත් මණ්ඩලය ද? මේවා නොවිසඳුණු ගැටලු.මාධ්‍ය නිදහසට රජය වැටකඬළු බඳිනවා කියල කියනවා.තවත් අවස්ථාවක මධ්‍ය ක්‍රියාත්මක වන ආකාරය දෙස බලා,කියනවා රජය කුමක්වත් සිදු කරන්නේ නෑ කියලා.මෙය එක්තරා ආකාරයකට සමාජය තුළ තිබෙන නොවිසඳුණු ගැටලුවක් කිව්වේ ඒ නිසයි. උත්තරයක් ලබාදෙන්න අමාරුයි. අඳහස් පලකිරීමේ නිදහස ඉතාමත් ම ප්‍රමුඛ අයිතිවසිකමක් ලෙස ලෝකය පිළිගෙන තිබෙනවා. මෙය ප්‍රමුඛතාවයට පත් වුණේ, දෙවැනි මහා ලෝකයුද්ධයෙන් පස්සේ.හිට්ලර් ප්‍රමුඛ නාසි බලවේග මුළු ලෝකය ම ග්‍රහණය කරගන්න හැකි ලෙස බලවත් වුණා. යුදෙව්වන් විනාශ කළ යුතුයි කියන මතය පිළිගෙන,එය නීතියක් බවට පත් කරකා,ක්‍රියා කළ රාජ්‍යයක්. කෙසේ වෙතත් යුද්ධයෙන් පසුව ඔවුන් පරාජයට පත් වුණා. ඉන් පසුව ලෝකය පුරා මතයක් ඇති වුණා, මින් පසු යුද්ධයක් ඇති වීම වලක්වන්න නම්, ලෝකය පිළිගත් අයිතිවාසිකම් සමූහයක් ඒ ඒ රටවල් විසින් නීතිය මඟින් ක්‍රියාත්මක කළ යුතුයි කියන අඳහස. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වුණා. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශය 1948 දී බිහිකළේ. එම විශ්ව ප්‍රකාශනයේ ඇති එක් වැදගත් අඳහසක් තමයි,'' අඳහස් ප්‍රකාශ කිරීමට සහ මත ප්‍රකාශ කිරීමට තිබෙන අයිතිවාසිකමට ඇති නිදහස ''

    ඉන් පසුව බිහි වූ විවිධ ජාත්‍යන්තර සම්මුතීන්වලින් සිවිල් හා දේශපලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතීන්වල මෙම අයිතිවාසිකම පැහැදිළිව දක්වා තිබෙනවා. ''19 වගන්තිය'' මේ සම්බන්ධයෙන් පැහැදිළිව දක්වා තිබෙනවා.ලෝකයේ බොහෝ රටවල් මෙම සම්මුතියට අත්සන් කර තිබෙනවා.මේ අයිතිවාසිකම තමන්ගේ දේශීය නීතිය ලෙස පිළිගෙන තිබෙනවා.

    අද මෙය පිළිගන්නවා, චාරිත්‍රාණුකූල ජාත්‍යන්තර නීතියේ කොටසක් වශයෙන්.එසේ කොටසක් පත් වූ විට තවදුරටත් සම්මුතියක තියෙනවාද නැද්ද අදාළ වන්නේ නෑ, චාරිත්‍රාණුකූල ජාත්‍යන්තර නීතියට සියලු රටවල් යටත් වෙනවා. ශ්‍රී ලංකාවත් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි ව්‍යවස්ථාව තුළ මේ අයිතිවාසිකම් පිළිගෙන තිබෙනවා.14 (1) අ යටතේ තිබෙන්නේ, භාෂණයට සහ අඳහස් පළ කිරීමට තමන්ගේ තිබෙන අයිතිවාසිකමට ඒ තිබෙන නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් පිළිගෙනතිබෙනවා කියන එකයි. මේ අයිතියට තොරතුරු දැනගැනීමත් අඩංගුය කියන එක පිළිගෙන තිබුණා,නඩු තීන්දු ආශ්‍රයෙන්. වර්තමාන රජය බලයට පත් වූ පසු තොරතුරු දැනගැනීමේ අයිතිවසිකමත් මූලික අයිතිවසිකමක් ලෙස පිළිගෙන ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට වෙනම ඇතුළත් කර තිබෙනවා.

    එමඟින් මාධ්‍යවේදීන් ආරක්ෂා වෙනවා.රැස්වීමට තිබෙන අයිතිවාසිකම,සමිති සමාගම් සඳහා වන අයිතිවාසිකමත්,අදහස් පළ කිරීමට,රැස්වීම් පවත්වන්න, හැකි වෙනවා. මේ අයිතිවාසිකම්වල මුල් පදනම වශයෙන් පිළිගන්නවා. මේ අයිතිවාසිකම් නැතිනම්,ප්‍රජාතන්ත්‍රවාදී සමජයක් පවතින්න බෑ. මේ අයිතිවාසිකම් නොමැතිනම් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට ක්‍රියාකරන්න බෑ.මෙම අයිතිවාසිකම් නොමැතිනම් සෙසු අයිතිවාසිකම්වලට පවතින්න බෑ. මේ අයිතිවාසිකම් වැදගත් ප්‍රමුඛ  අයිතිවාසිකම් වෙනවා. ඒ අයිතිවාසිකම් යටතේ මාධ්‍යයට මාධ්‍ය කරුවන්ට ඔවුන්ගේ වෘත්තීය කටයුතු කරගෙන යෑමට තිබෙන ඉඩකඩ සෑහෙන දුරට සනාථ වී තිබෙනවා. මේ අයිතිය කඩ කළ හොත් පුරවැසියට පුළුවනි ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් පැමිණිලි කරන්න. මානව හිමිකම් කොමිෂන් සභාවට ගොස් පැමිණිලි කරන්න පුළුවන්. 

    මෙතැන වැදගත් කරුණක් කියනවා. භාෂණයේ නිදහස සඳහා වන අයිතිවාසිකම එය පරම අයිතිවාසිකමක් වන්නේ ය කියලා. කිසියම් යුද්ධ අවස්ථාවක දි කිසියම් වියවුළක් තිබෙන අවස්ථාවක දි රටකට පුළුවන් හදිසි  අවස්ථාව පනවන්න. ඒ යටතේ රටකට පුළුවන් මේ අයිතිවාසිකමේ සමහර කොටස්, අයිතිවාසිකමේ මූලයට හානියක් නොවන ආකාරයට සීමා කරන්න.

    එතැන දී සෙසු පද්ගලයන්ගේ නිදහසට හා අයිතිවසිකමට හානි නොවන ආකාරයට අයිතිවාසිකම් භාවිතා කරන්න වගකීමක් තිබෙනවා. රටේ ජාතික ආරක්ෂාවට හානි කර ලෙස අඳහස් පළ කිරීමේ නිදහස භාවිත කරනව නම් එයට නීති මඟින් සීමා පනවන්න අවස්ථාව තිබෙනවා. එවැනිම වැදගත් අවස්ථාවක් තමයි, පාර්ලිමේන්තු වරප්‍රසාද. පාර්ලිමේන්තුවක් ලබාගැනීම කියන්නේ, රටවැසියන්ගේ සිවිල් අයිතිවාසිකම්වල වැදගත් අවස්ථාවක්. රජෙකුවිසින්පාලනය කළ රටක් රජු ඉක්මවා ගොස් රජු වෙනුවට ජනතාවගේ ඡන්දන්යෙන් පත්වන  නියෝජිතයන් මඟින් පාලනය වනවා කියන්නේ මනුෂ්‍ය වර්ගයා ලැබූ විශාල ජයග්‍රහනයක්. පාර්ලිමේන්තුවක් නොමැති කාලයේ රටක් කියන්නේ,අපට කිසිදු බලපෑමක් සිදු කළ නොහැකි රටක්. ඒ නිසා එම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද,තුළ කතා කරන දේවල්, එම වරප්‍රසාද මඟින් ආරක්ෂා වෙනවා. පාර්ලිමේන්තු වරප්‍රසාද  කඩවෙන ආකාරයට අදහස් පළ කරන්න අයිතියක් නෑ.

    අධිකරණය කියන්නෙ වැදගත් ආයතනයක්. විධායක බලය තිබෙන අය විසින් නොවෙයි නඩු අසන්නේ, ස්වාධීන ආයතනයක් ය කියන අඳහස.අපි ලියනවිට කතාකරන විට මේ සීමාව අප තුළ තිබිය යුතුයි. ජාතීන් අතර හෝ ආගම් අතර හෝ වෛරය අප්‍රසන්නතාවය ඇතිවන ආකාරයට අඳහස් පළ කරන්න බෑ. ඇයි එසේ තහනම් කර තිබෙන්නේ. අඳහස් පළ කිරීම වැදගත් අයිතිවාසිකමක් ලෙස පිළිගන්න ගමන් ම ලෝකය පිළිගත්තා,අඳහස් පළ කිරීම අප කළොත් කිසිදු චාරයක් නොමැතිව එමඟින් විශාල හානියක් සිදු විය හැකියි. එම නිසා අප සැමට වගකීමක් තිබෙනවා, මේ නිදහස පාවිච්චි කිරීමේ දී සමාජයට විවිධ ජාතීන්ට ,විවිධ ආගම්වලට එවැනි දෙයකට පහර ගැසීම නිසා අප්‍රසන්නතාවයක් හෝ වෛරයක් අතිවන ආකාරයට ක්‍රියා කිරීම නිසා සමාජයේ ඇතිවිය හකි ව්‍යවසනය වැළැක්වීම සඳහා එවැනි දෙයක් නොකළ යුතුයි කියන අඳහස.මේ කරුණු වැදගත් වෙනවා. පසුගිය දා දිගන ඇති වූ සිදුවීම් වල දී මාධ්‍ය ආයතනවලට ලොකු ප්‍රශ්නයක් ආවා. ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන්, මාධ්‍ය ආයතන සමඟ කතාකරල,ජනාධිපතිතුමා පුද්ගලිකව මැදිහත් වෙලා,මාධ්‍ය ආයතන එක්ක කතා කරලා, සාකච්ඡා කරලා කටයුතු කළා. සියලු මාධ්‍ය ආයතන වගකීමකින් ක්‍රියා කළා. අප වගකීමෙන් කටයුතු කරනවා තමයි, එහෙත් එය සිදුවීමට පෙර සිදුවීම වළක්වාගන්න කටයුතු නොකළේ ඇයි? ප්‍රශ්නය වුණාම කලබල වෙලා, දුවනවාට වඩා ඉන් එහාට මෙය සිදු කරන්නේ කොහොමද? මාධ්‍ය ආයතනවලට ඇත්ත වහන්න බෑ.එහෙත් ඇත්ත පළ කිරීමේ දී ක්‍රියාකරන්නේ කොහොමද කියලා, පෙන්වා දෙන්නට මට සිදු වුණා,නිවේදනයක් නිකුත් කරන්නට. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතනවලින් විශාල පිළිගැනීමක් ලැබුණා, ස්තූති කිරීමක් සිදු කළා.


    රජයත්, ජනමාධ්‍ය අමාත්‍යාංශයත්, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවත් ජනමාධ්‍ය සමඟ ඉතාමත් සහයෝගයෙන් කටයුතු කරන්නේ. මාධ්‍ය මඟින් කෙතරම් රජයට විවේචන එල්ල වුවත් මාධ්‍ය සමඟ ගමන් කරන්නේ මිතුරු සබඳතාවයකින්. ඒ නිසා මේ කාරනය මාධ්‍යයට කියන එක අපේ වගකීම කියලා.

    දැන් මාධ්‍ය වෙනස් වී තිබෙනවා. පුවත්පත,ගුවන්විදුලිය,රූපවාහිනිය ඉස්සර තිබුණේ. අද මේ සියල්ල අභිසාරී වී තිබෙනවා. අද මේ සියල්ල එක තැනකින් බලන්න පුළුවන්. අද සිටින ප්‍රජාවට හැකි වී තිබෙනවා, ප්‍රතිචාර දක්වන්න. ඔවුන් බොහෝ වෙලාවට කොමෙන්ට් තීරුව යටතේ,අඳහස් ප්‍රකාශ කරනවා. බොහෝ අය හිතනවා අපේ වගකීම තිබෙන්නේ ප්‍රකාශයටයි,කොමෙන්ට්ස් සම්බන්ධයෙන් අපට වගකීමක් නෑ කියලා. මෙය ඉතාම වැදගත්, මෙය තේරුම්ගන්න,'' ඔබ යම්කිසි දෙයක් පල කළාට පසුව ඔබට ප්‍රතිචාර ලබගන්නට ඉඩ දෙන්න පුළුවන් නමුත් මොඩරේට් කිරීමට වගකීමක් ඔබට තිබෙනවා. සෑම ප්‍රතිචාරයක්ම පළ කරනන් අවශ්‍ය නෑ. ප්‍රතිචාර සම්බන්ධයෙන් ද ඔබට වගකියන්න සිදු වෙනවා.

    මේ සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කළා. දඬුවම් කරන්න බලාපොරොත්තු වන්නේ නෑ. ඔබ දැනුවත් වෙන්න. මේ නීතිය බලවත් නීතියක්. මෙය කියන්නේ මාධ්‍යයට ඇඟිලි ගසන්නවත්, බය කරන්නවත්, තර්ජනය කරන්නවත් නොවේ. මාධ්‍ය අඳහස් පළ කිරීමේ දී මේ කරුණු ගැන දැනුවත්ව, කරුණු සහිතව විවේච්නය කරන්න, රජයෙන් තොරතුරු ඉල්ලන්න, එහෙත් මෙවැනි වගකීම් රහිත ක්‍රියාවන්ට යන්න එපා කියා ඉල්ලීමක් කරනව.මේ සඳහා ඕනෑම පහැදිළි කිරීමකට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විවෘත්තයි.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu