මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාර්මික නිෂ්පාදන දර්ශකය : 2018 මාර්තු -ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

    මැයි 12, 2018

    නිශ්චිත යොමු කාලයකට සාපේක්ෂව, දෙන ලද කාල පරිච්ඡේදයක දී ආර්ථිකයේ කර්මාන්ත අංශයෙහි ස්වරූපය පිළිබඳ හඳුනා ගැනීම සඳහා කාර්මික නිෂ්පාදන දර්ශකය යොදා ගැනේ. තව ද මෙමඟින් කර්මාන්ත අංශයේ කෙටි කාලීන වෙනස්කම් ද හඳුනා ගත හැකිය.

    2017 වර්ෂයේ මාර්තු මස නිෂ්පාදනයට සාපේක්ෂව, 2018 මාර්තු මස නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි, නිෂ්පාදන ධාරිතාවයෙහි 0.1% ක වැඩිවීමක් වාර්තා වන බව 2018 මාර්තු මසට අදාළ කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් කිරීමේ නිල නිවේදනය නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ.සතරසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

    තව ද 2018 සහ 2017 යන වර්ෂ වල මාර්තු මස මෙම දර්ශකය පිළිවෙලින් 110.3 ක් සහ 110.1 ක් ලෙස ගණනය කොට ඇත. කාර්මික නිෂ්පාදන දර්ශකය ද ඇතුළත්ව ආර්ථික දර්ශකාංක ගණනාවක් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කරනු ලැබේ. කාර්මික නිෂ්පාදන දර්ශකය ආර්ථික වර්ධනය මෙහෙයවන ප්‍රධාන අංශ හඳුනා ගැනීමේදී හා ආර්ථික ක්‍රියාකාරිත්වය ඇගයීමේදී වැදගත් වන මිණුමක් වේ. මෙම දර්ශකය නිෂ්පාදන කර්මාන්තයන්හි නිෂ්පාදන ප්‍රමාණය පාදක කර ගනිමින් සකසා ඇත. ඒ අනුව 2017 මාර්තු මස මාසික නිෂ්පාදන ධාරිතාවයට සාපේක්ෂව 2018 මාර්තු මස

    ''මූලික ලෝහ වර්ග නිෂ්පාදන'';දැව හා දැව නිෂ්පාදන'' සහ බීම වර්ග නිෂ්පාදනය, වල පිළිවෙලින් 29.4%, 18.1% සහ 16.6% ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වේ. තවද 2018 මාර්තු
    මස ආහාර නිෂ්පාදන අංශයෙහි නිෂ්පාදනය 3.2% ක වැඩිවීමක් වාර්තා කරයි. එසේ වූවත්, ‘විදුලි උපකරණ නිෂ්පාදන ; මූලික ඖෂධ නිෂ්පාදන ; සහ ;සම් සහ සම් ආශ්‍රිත නිෂ්පාදන; වල 2017 වර්ෂයේ මාර්තු මස
    නිෂ්පාදනයට සාපේක්ෂව පිළිවෙලින් 16.4% , 15.5% සහ 15.2%ක අඩුවීමක් වාර්තා විය. තව ද, ‘අඟුරු නිෂ්පාදනය සහ ඛණිජ තෙල් පිරිපහදුව හි 61.4% ක අඩු වීමක් වාර්තා වන
    අතර ඊට හේතු වී ඇත්තේ තෙල් පිරිපහදු කාර්මික නිෂ්පාදන දර්ශකය

    (2015=100)
    මාසය / වර්ෂය දර්ශක අගය
    2017 මාර්තු 110.1
    2018 මාර්තු 110.3

    ප්‍රතිශතක වෙනස (%) 0.1

    2018 පළමුවන කාර්තුව 107.7

    ක්‍රියාදාමය නඩත්තු කටයුතු සඳහා තාවකාලිකව අත්හිටුවා තිබීමයි. කාර්තුමය වශයෙන් සැලකූ විට 2018 වර්ෂයේ පළමුවන කාර්තුව තුළ නිෂ්පාදන කාර්මාන්ත අංශයෙහි නිෂ්පාදන ධාරිතාවය 1.6 % කින් වර්ධනය වී ඇත. 2018 වසරේ මාර්තු මස කාර්මික නිෂ්පාදන දර්ශකයට අදාළ වැඩි විස්තර දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇති බව දෙපාර්තමේන්තුව විසින් තවදුරටත් දන්වා සිටී. (www.statistics.gov.lk/Industries).

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya