News.lk - The Official Government News Portal of Sri Lanka

 

tami

eng

  • මුල් පිටුව
  • පුවත්
    • නවතම - ආරක්ෂක
    • ජනපති - පාර්ලිමේන්තුව - අගමැති
    • කාලීන සිදුවීම් සහ දේශපාලන
    • සංවර්ධන - ප්‍රාදේශීය
    • සංස්කෘතික සහ කලා
    • විදෙස් - ක්‍රීඩා
    • ප‍්‍රාදේශීය පුවත්
    • පුවත් සේයා
  • ආර්ථික
  • ශ්‍රව්‍ය දෘශ්‍ය කවුළුව
    • ප්‍රභාලේඛන මැඳුර
    • වීඩියෝ රඟහල
  • විශේෂාංග
  • කැබිනට් තීරණ
  • විමර්ශන
  • විශේෂ ආවරණ
    • දින 100 වැඩසටහන
    • තරුණ සමුළුව
    • 2015 අයවැය
    • අද මිල
  • විමසීම්
    • පෙර වෙබ් අඩවිය
      • පෙර වෙබ් අඩවිය - 1
      • පෙර වෙබ් අඩවිය - 2
    • ටෙන්ඩර් දැන්වීම්
    • අයඳුම්පත් භාගත කිරීම්
වෘත්තිය නිපුණයෙක් ලෙස අභිමානයෙන්  ජීවිතය අරඹන්න  තරුණ ඔබට අවස්ථාවක්
21
December

වෘත්තිය නිපුණයෙක් ලෙස අභිමානයෙන් ජීවිතය අරඹන්න තරුණ ඔබට අවස්ථාවක්

Published in විමර්ශන
  • font size decrease font size decrease font size increase font size increase font size
  • Print
  • Email
සීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතින රටක් වශයෙන් ශ්‍රි ලංකාව තුළ ඉදිකිරීම් ක්ෂේත්‍රයේද වෙනසක් ඇති කිරිමට කාලය එලඹ ඇත.  මේ සඳහා ජාතික වැඩපිළිවෙළක අවශ්‍යතාවය මතුවෙම්න් ඇති සමයක රටේ බහුතර  තරුණ ප්‍රජාවගේ විශ්වසනියත්වය දිනු රාජ්‍ය ආයතනයක් ලෙස ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරිය ( VTA) නොමිලේ වෘත්තිය දැනුම, NVQ සහතිකයක් සහ රුපියල් 60,000ක දීමනාවක්  සමග වෘත්තිය නිපුණයෙක් ලෙස අභිමානයෙන්  ජීවිතය අරඹන්න  තරුණ ඔබට අවස්ථාවක් හිමිකර දීමට සෘජුව කටයුතු කරමින් සිටී.
 
සාම්ප්‍රදායික වඩුවා , මේසන් බාස් හෝ පයිප්ප බාස් පිළිබඳ සමාජ මතය ඇතිතෙක් මේ ක්‍රියාවලියේ වෙනසක් ඇති නොවිම සාධාරණ යුගයක කළ යුත්තේ මෙම සමාජ මතය වෙනස් කර ඔවුන්ට ගෞරවණීය වෘත්තිකයන් වශයෙන් සමාජගතවිමට ඉඩ සලසා දිමය.
 
අති නවීන උපකරණ භාවිතයෙන් අති දැවැන්ත ගොඩනැගිලි ඉදිවෙමින් පවතින නමුත් මෙම  ක්ෂේත්‍රය තුළ අවශ්‍යතාවයට සරිලන නිපුණත්වයෙන් යුතු පරිපූර්ණ ශ්‍රම බලකායේ හිඟයක් පවතියි, නවීන උපකරණ පිටරටින් ආනයනය කළ හැකි වුවද නිපුණ ශ්‍රම බලකාය එසේ කළ නොහැක. මෙම ප්‍රශ්නයට පිළිතුරු සෙවීම සැමගේ වගකිමක් ද වේ. 
 
construction2පෙදරේරු, වඩු කාර්මික සහ ජලනල කාර්මික වැනි ක්ෂේත්‍රයෙන් සඳහා වැඩි ශ්‍රම ඉල්ලුමක් දේශීය වශයෙන් පමණක් නොව විදේශීය ශ්‍රම වෙළෙඳපොළේ ද පවති. නමුත් අප නොදත් සත්‍ය වන්නේ විදේශයකදි මෙම වෘත්තීන්ට ලැබෙන වෘත්තීය වටිනාකම, ගරුත්වය හා ඒ අය ලබන අති විශාල වේතනය පිළිබඳ සත්‍ය තාවයි. දියුණ රටක මෙවැනි වෘත්තීන්ට ලැබෙන්නේ ඉතා ඉහළ වටිනාකමකි. එමෙන්න ඒ අය වෛද්‍ය හෝ එවැනි සමාජයේ ඉහල යැයි සම්මත වෘත්තිකයෙකු මෙන් දෙතුන් ගුණයක ආදායම් ලබා ගනි. එසේ විමට හේතුව නම් නිපුණ වෘත්තිකයන්ට ලෝකයේ පවතින දැඩි ඉල්ලුමයි.
 
අවාසනාවකට තවමත් රටක් ලෙස අප තුළ මෙම ආකල්පය වෙනස් වී නැත. විවිධ සමාජ ආකල්ප නිසා එහි ක්ෂේත්‍ර  සඳහා  යොමුවන තරුණ පිරිස අඩු මට්ටමක පවති. තවද මෙම ක්ෂේත්‍රවල රැකියා ගත වීම තුළින් ඉහල ආදායම් තත්ත්වයක්ද  අත්කර ගැනීමේ හැකියාව පවතී. එහෙයින් තරුණ තරුණියන් වැඩි වශයෙන් මේ සඳහා යොමුකර අනාගතයට ගැළපෙන නිපුණ ශ්‍රම බලකාය සූදානම් කිරීමේ උදාරතර අරමුණ ඇතිව වෘත්තීය පුහුණු පාඨමාලාවක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය  සුදානමින් සිටී. මේ සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මේ වන විටත් සියලු කටයුතු සූදානම් කර ඇති අතර එම පාඨමාලාවන් එළැඹෙන 2018 ජනවාරි මාසයේ සිට ආරම්භ වීමට නියමිතය. නියමු ව්‍යාපෘතියක් වශයෙන් පෙදරේරු වඩු කාර්මික සහ ජලනල කාර්මික යන ක්ෂේත්‍ර 3 සඳහා කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලදී මෙම පුහුණු පාඨමාලාවන් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර පුහුණු කාල සීමාව දින 120ක් වේ. ආරම්භක දින සිට ආධුනික ආධුනිකාවන් සඳහා දින 7 ක නේවාසික දැනුවත් කිරීමේ වැඩසටහනක් ගම්පහ නැදුන්ගොල්ල  වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී  පැවැත්වෙන අතර ඉන්පසුව අදාල මධ්‍යස්ථායේදී පාඨමාලා ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
 
මෙම පාඨමාලාවන් හැදෑරීම සඳහා 9වන වසර සමත්වීම ප්‍රමාණවත් වන අතර ම වයස අවුරුදු 18ත් 30ත් අතර තරුණ තරුණියන්ට මේ සඳහා අයඳුම්කළ හැකි අතර දින 120ක කාල සීමාවෙන් අනතුරුව ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 3 මට්ටමේ සහතිකයක් ද පිරිනැමෙනු ඇත. 
 
මේ පාඨමාලාවන් සඳහා සහභාගීවන සියලු ම වඩු  ශිල්පි, පෙද‍රේරු හා  ජලනල කාර්මික  ශිල්පීන් හට පුහුණු උපකරණ,  නිල ඇඳුම් මෙන්ම ක්ෂේත්‍රයේ රැකියාව  කිරීමේදී  අවශ්‍ය වන ආරක්ෂක ඇදුම් කට්ටල හා වැඩ කට්ටල නොමිලේ ලබා දෙන අතර Construction Management2මෙම දින 120 ක කාලය සාර්ථකව නිමා කරන්නන් හට රුපියල් 60,000ක (රුපියල් හැට දහසක ) දීමනාවක්ද සපයනු ලැබේ. 
 
තත්වයෙන්  උසස් නවීන තාක්ෂණයෙන් යුතු පුහුණු පාඨමාලාවක්  ඔබවෙත ලබාදෙමින් ඒ ඔස්සේ  ඉදිකිරිම් ක්ෂේත්‍රෙයේ විප්ලවයක් සිදු කළ හැකි වෘත්තිකයකු බිහි කිරිමේ ක්‍රියාවලියට කටයුතු සූදානම් කර ඇති මෙවන් අනගි අවස්ථාව අත් නොහැර මින් උපරිම ඵල නෙලා ගැනිමට මෙම ක්ෂේත්‍රයට කැමැත්ත ඇති  තරුණ කණ්ඩායම් සඳහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය ඔවුන් හා අත්වැල් බැඳගන්නා ලෙස ඉල්ලා සිටී. අනාගතය සුරක්ෂිත හා වඩා ඉසුරැමත් කිරීම VTA අරමුණයි.
 
මේ පිළිබඳ ව වැඩිදුර තොරතුරු පහත සඳහන් ස්ථාන වෙතින් ලබාගත හැකිය.
 
කොළඹ
 
සහකාර අධ්‍යක්ෂ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය
කොළඹ දිස්ත්‍රික් කාර්යාලය
මහාමේඝවත්ත
මහරගම
0112 844 151
 
ගම්පහ
 
සහකාර අධ්‍යක්ෂ 
ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය
බණ්ඩාරනායක මාවත
වේයන්ගොඩ
0332 294 790
 
කළුතර
 
නියෝජ්‍ය අධ්‍යක්ෂ
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය
දිස්ත්‍රික් කාර්යාලය
වෑවල
හොරණ
0342 263 698
 
 
 
- දිල්හාරි බණ්ඩාර - 
Tweet
  • Social sharing:
  • Add to Facebook
  • Add to Delicious
  • Digg this
  • Add to StumbleUpon
  • Add to Technorati
  • Add to Reddit
  • Add to MySpace
  • Like this? Tweet it to your followers!
back to top

Reviews

  1. ඉදිරි තෙවසර තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලාභ ලබන තත්ත්වයට ගේන…

    Thu Apr 2018

  2. මාධ්‍ය නිවේදනය-ශ්‍රීලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම

    Wed Apr 2018

  3. වෙසක් පොසොන් පොහෝ දිනයන්හි තොරණ සහ දන්සල් තහනම් කිරීමක් සිදු…

    Sat Mar 2018

  4. චීන සංවර්ධනයට සංස්කෘතිය ආශිර්වාදයක්...

    Tue Mar 2018

  5. දැලි පිහියෙන් කිරි කෑම හෙවත් ඩිජිටල් තාක්ෂණ හා පාරිභෝගික ආරක…

    Sat Mar 2018

  6. ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරය

    Sat Mar 2018

  7. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මඟින් නිකුත් කළ මාධ්‍ය …

    Fri Mar 2018

  8. වඳබව හෝ මඳසරු බව ඇති කළ හැකි කිසිදු පෙත්තක් ලෝකයේ කිසිදු තැන…

    Thu Mar 2018

  9. වයිබර් සමාජ ජාලය (Viber) වෙත මෙතෙක් තාවකාලිකව සීමා කර තිබූ ප…

    Tue Mar 2018

  10. මාධ්‍ය නිවේදනය - අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය - ''අ…

    Tue Mar 2018

  • ජනාධිපති
  • අග්‍රාමාත්‍ය
  • පාර්ලිමේන්තුව
  • අධිකරණය
  • රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
  • අමාත්‍යාංශ නාමාවලිය
  • මාධ්‍යායතන නාමාවලිය
  • රජයේ ගැසට් පත‍්‍රය
  • නවතම
  • ජනපති
  • ආර්ථික
  • දේශපාලන - පාර්ලිමේන්තුව
  • සංවර්ධන
  • සංස්කෘත සහ කලා
  • ක්‍රීඩා
  • විදෙස්

dgi log front

electionR2sin

recu

bestweb sliver media

FacebookTwitterRSSGPlusYoutube

sms2015

channel

  • මුල් පිටුව
  • නවතම
  • ජනපති
  • දේශපාලන - පාර්ලිමේන්තුව
  • සංවර්ධන
  • ආර්ථික
  • විදෙස්
  • ක්‍රීඩා
  • සංස්කෘත සහ කලා
  • අඩවි අනුරූපිතය
Copyright © The Official Government News Portal of Sri Lanka 2018 All rights reserved.
විමර්ශන