අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීමට මුදල් වෙන් කෙරේ

    මැයි 17, 2016

    පවතින කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීමට මූල්‍ය ප්‍රතිපාදන නිකුත් කෙරේ.

    පවතින කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නිකුත් කිරීමට පියවර ගත් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කාශ කරයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ  උපදෙස් පරිදි මෙම පියවර ගත් බව රවී කරුණානායක මහතා කියා සිටියි.

    මේ යටතේ ආපදාවට පත් වූවන් සඳහා ජාතික රක්ෂණ භාර අරමුදල මගින් වන්දි ගෙවීමට කටයුතු කෙරේ. ගංවතුර, සුළි සුළං සහ නාය යාම්වලින් ආපදාවට ලක් වූ පවුල්වල දේපොළ හානි වෙනුවෙන් රුපියල් ලක්ෂ විසි පහක උපරිමයකට යටත් ව මූල්‍යාධාර හිමි වෙයි.  

    එමෙන් ම හදිසි මරණයක් වෙනුවෙන් රුපියල් ලක්ෂයක මූල්‍යාධාරයක් ලබා දෙනු ඇත. එසේ ම රුපියල් මිලියන 10කට අඩු වාර්ෂික පිරිවැටුමක් ඇති ව්‍යාපාර වෙනුවෙන් ද මේ යටතේ මූල්‍යාධාර හිමිවෙයි. දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ලබා ගන්නා තොරතුරවලට අනුව ආපදා කළමනාකාරණ අමාත්‍යාංශය මගින් මූල්‍යාධාර ලබා දීම සම්බන්ධීකරණය කෙරෙනු ඇත.

    මීට අමතරව ආපදාවලට පත් ධීවරයන් වෙනුවෙන් ද වන්දි ලබා දීමට පියවර ගෙන තිබේ. ඒ යටතේ ආපදා තත්ත්වයක් හේතුවෙන් සිදුවන ධීවරයකුගේ මරණයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් හිමි වෙයි. මෙම වන්දි ගෙවීම ධීවර අමාත්‍යාංශය හරහා සම්බන්ධීකරණ කටයුතු සිදු කෙරෙන බව ද මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya