අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිනූ ජයග්‍රහණය අන් අතකට පත් නොවීමට නම්......

    ජූනි 10, 2015
    ලෝක ප්‍රසිද්ධියට පත්වීම යම් දෙයකට ඇති ජනප්‍රියත්වය තව තවත් වර්ධනයවීමක් වන්නේ ලොව නන් දෙස සිටින්නන්ගේ අවධානය තව තවත් ඒ සම්බන්ධයෙන් යොමු කිරීම නිසාවෙනි. ශ්‍රී ලංකාව ද ලෝකය හමුවේ යහපත් දේ මෙන් ම අයහපත් දේ හමුවේ දී මෙලෙස අවධානයක් දිනාගත් රටකි. පසුගිය කාල වකවානුවේ දී ත්‍රස්තවාදී ක්‍රියාවන් හේතුවෙන් ලෝකයේ ම අවධානයට ලක් ව සිටි ශ්‍රී ලංකාව පසුගිය දා ලෝක ජනතාවගේ අවධානය යහපත් ආකාරයෙන් දිනාගන්නා අවස්ථාවක් හිමි කරගත්තේය. 
     
    ලෝකයේ විවිධ ආයතන රටවල් විසින් නොයෙක් අවස්ථාවන්වලදී ලැයිස්තුගත කිරීම් මෙන් ම සමීක්ෂණයන් ද සිදු කෙරේ. එය බොහෝ විට රටවල් , පුද්ගලයන් මට්ටමින් වැනි විවිධ මට්ටම් ඔස්සේ විය හැකියි.  Master Card ආයතනය මගින් සිදු කළ සමීක්ෂණයකට අනුව පසුගිය වසර හයක කාලයක් තුළ ලොව වේගයෙන්ම වර්ධනය වූ සංචාරක නගර අතරින් ප්‍රථම ස්‌ථානයට කොළඹ නගරය පත් ව තිබේ.
     
    New Picture 9ඒ අනුව මාස්‌ටර් කාඩ් ආයතනය විසින් සිදුකර ඇති සමීක්‍ෂණයක්‌ අනුව පසුගිය වසර හය තුළ ලෝකයේ වඩා වේගයෙන් වර්ධනය වූ නගරය ලෙස කොළඹ නගරය පත්ව ඇත. එහි දෙවැනි ස්‌ථානයට පත්ව ඇත්තේ චීනයේ චෙන්ග්ඩු නමැති නගරයයි. කොළඹ නගරයේ වර්ධනය 21.1% ක්‌ ලෙස සැලකෙන අතර දෙවැනි ස්‌ථානයට පත් වූ චීන නගරයේ වර්ධනය 20.7% කි. මෙම සමීක්‍ෂණයට අනුව ලොව වේගයෙන් සංවර්ධනය වූ නගර 10 ක්‌ දක්‌වා ඇති අතර, එහි තෙවැනි ස්‌ථානයට පත්ව ඇත්තේ අබුඩාබි නගරයයි. ඉන් අනතුරුව පිළිවෙළින් ඔසාකා (ජපානය), රියාද් (සවුදි අරාබිය), ෂී ඇන් (චීනය), තායිපේ (තායිවානය), ටෝකියෝ (ජපානය),  ලිමා (පේරු), හොචිමින්සිටි (වියට්‌නාමය) යන නගර පත් ව තිබේ.
     
    මෙම ලෝක ශ්‍රේණිගත කිරීම්හි පළමු රටවල් 10අතරට පැමිණි නගර අතරින් 07ක් ම ආසියානු කලාපයේ පිහිටා තිබීමත් එක්තරා විශේෂත්වයකි. එය සමස්ත ආසියානුවෝද ලැබූ ජයග්‍රහණයකි.
     
    පසුගිය කාලයේ දී ශ්‍රී ලංකාවේ සිදුකළ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වූයේ සංචාරක ආරක්ෂණය ඉලක්කය කරගෙනය. ඒ අතරින් කොළඹ නගරයට ප්‍රධාන තැනක් හිමිවිය. ඒ අනුව කොළඹ නගරය වඩා වැඩි ආකර්ෂණයක් දිනාගන්නා අයුරින් සංවර්ධනය කර ඇති අතර ම ත්‍රස්තවාදි උවදුරුවලින් මුළුමනින්ම තුරන් වීමත් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගැනීමට තවත් එක් ප්‍රධාන සාධයකයක් වී ඇත. 
     
    imagesමේ දිනාගත් ජයග්‍රහණය තවතවත් සංවර්ධනය කරගැනීමට නම් අප රටක් වශයෙන් සංචාරක කර්මාන්තයේ ප්‍රගමනයට හේතු වන්නා වූ දේ ක්‍රියාත්මක කළ යුතුය. සංචාරක ආකර්ෂණය දිනාගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කරගන්නා අතරතුරම ඒ පිළිබඳ ලෝකයේ රටවල් දැනුම්වත් කිරීමත් සිදු කළ යුතුමය. 
     
    මේ දිනූ ජයග්‍රහණය අන් අතකට පත් නොවීමට නම් අප තව තවත් රටේ පවතින සාමකාමී පරිසරය මෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය කර ගත යුතු මෙන් ම ඒ සඳහා දේශපාලන ස්ථාවරත්වයක් තිබිය යුතුය. 
     
    - දිල්හාරි බණ්ඩාර - 
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya