මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශේක්ස්පියර් ගේ සැබෑ මුහුණ උද්භිද විද්‍යා ග්‍රන්ථයෙකින් හමු වෙයි

    මැයි 20, 2015

    අධ්‍යයන විශේෂඥයකුට අනුව ‍ශේක්ස්පියර් ගේ ජීවිත කාලයේ දී ම අඳින ලද එක ම ප්‍රතිරූපය අවුරුදු 400ක් පැරැණි උද්භිද විද්‍යා ග්‍රන්ථයක ඇතුළත් ව ඇත.

    උද්භිද විද්‍යාඥයකු හා ඉතිහාසඥයකු වන මාක් ග්‍රිෆීත්ස් 16 වන සියවසේ කැටයම් චිත්‍රයෙකින් මේ නාට්‍ය රචකයා ගේ රුව හඳුනාගෙන ඇත. මේ සොයා ගැනීම පිළිබඳ විස්තර මේ සතියේ කන්ට්රි ලයිෆ් සඟරාවේ ඇතුළත් වන අතර එය සියවසේ සාහිත්‍යයික සොයා-ගැනීම වශයෙන් එහි කර්තෘ මාක් හෙජ්ස් පවසයි.

     

    ලො‍ව ශ්‍රේෂ්ඨතම රචකයා ගේ තහවුරු කළ හැකි එක ම ප්‍රතිරූපය වන මෙයින් ඔහු ගේ තරුණ විය දැක්වෙයි. මෙය ඔහු මිඩ් සමර් නයිට් ලියූ පසු හා හැම්ලට් ලිවීමට ආසන්න කාල‍ය නිරූපණය කරන අතර ඔහුට සිනමා තරුවක ගේ පෙනුමක් සහිත වෙයි.

     

    එහෙත් බර්මිංහැම් විශ්වවිද්‍යාලයයේ ශේක්ස්පියර් ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය මයිකල් ඩොබ්සන් තමා මේ න්‍යායය පිළිබඳ දැඩි අවිශ්වාසයෙන් පසු වන බව පැවැසී ය. මෙය මෙ වැනි තර්කයක් මතු වූ පළමු අවස්ථාව නොවන අතර 2009 වසරේ දී ද ශේක්ස්පියර් උත්පත්තිස්ථාන භාරය විසින් ඔහු ගේ ප්‍රතිරූපයක් ප්‍රදර්ශනය කෙරුණු නමුත් ඇතැම් විචාරකයෝ එය ඔහු ගේ රුවක් නොවන බව පැවැසූ හ.

     

    වෙනත් ලේඛකයකු පිළිබඳ පර්යේෂණයක් සිදු කරන අතරතුර දී පිටු 1484කින් යුතු පොතක ග්‍රන්ථ නාම පිටුවේ විලියම් රොජර්ස් විසින් අඳින ලද සිතුවමකින් ග්‍රිෆිත්ස් මේ සොයා ගැනීම සිදු කරන ලදි. මෙහි ආ ප්‍රතිරූපයන් පරිකල්පිත ලෙස පූර්වයෙන් සැලැකුණ ද පසුව ඒ අවටැති සංකේතයන් විශ්ලේෂණය මඟින් ඔවුන් ගේ අනන්‍යතා අනාවරණය කර ගැනුණු අතර ඒ අතුරින් එක් අයෙක් විලියම් ශේක්ස්පියර් ලෙස හඳුනා-ගැනිණ.

     

    මේ ග්‍රන්ථ නාම පිටුව එහි දුර්ලභත්වය හා එලිසබෙතානු මෝස්තර නිර්මාණයේ ඒකාකෘතික නිදර්ශනයක් ලෙස ඉංගිරිසි පුනරුදයේ ඉතා දියුණු හා වැදගත් කලාකෘතියක් සේ සැලැකුණ නමුත් එයින් ශේක්ස්පියර් සොයා ගනිතැ යි කිසිවෙක් නො සිතූ හ.

    මූලාශ්‍රය - බීබීසී

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya