මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වික්ටෝරියා ප්‍රාන්තය ඕස්ට්‍රේලියාවේ විදෙස් ශ්‍රමික සූරාකෑම පිළිබඳ පරීක්ෂණ පවත්වයි

    මැයි 06, 2015

    විදේශ කම්කරුවන් අපයෝජනය පිළිබඳ අනාවරණය කිරීම් වලින් අනතුරුව සූරාකෑම පිළිබඳ සොයාබැලීම පිණිස ඕස්ට්‍රේලියාව රාජ්‍ය විමර්ශනයක් කෙරෙයි.

    ආචාර විරෝධ සැලකීම් හා ප්‍රමාණවත් නොවන ගෙවීම් පිළිබඳව වික්ටෝරියා ජනපද රජය විසින් විමර්ශනය කෙරෙනු ඇත.

     

    ABC රූපවාහිනී වැඩසටහනක් මගින්, ඕස්ට්‍රේලියානු 417 වීසා යටතේ අවුරුදු 18ත් 30ත් අතර වයසැති මාස 12ක නිවාඩුවක් සඳහා පැමිණෙන පුද්ගයින්ගෙන් 'වහල් ශ්‍රමයක්' ලබා ගන්නා බව අනාවරණය කෙරිණි.

     

    කිසිදු සේවකයකු සූරාකෑමට, හිංසා කිරීමට හෝ මූලික නිදහස අහිමි කිරීමට ලක් නොවිය යුතු බව වික්ටෝරියාහි කර්මාන්ත සබඳතා අමාත්‍ය නටාලි හචින්ස් පැවසීය.

     

    මෙය අඩුවෙන් වැටුප් ගෙවීම පමණක් නොව විදෙස් කම්කරුවන්ගේ ඌන පන්තියක් නිර්මාණය කිරිමක් බව ද ඇය පැවසීය.

     

    සූරාකෑමට ලක්වන ශ්‍රමිකයන් මගින් නිපදවන ආහාර වර්ග රට පුරා සුපිරි වෙළෙඳසැල් හා ආහාර වෙළෙඳ කුටි හා ආහාර වෙළෙඳසැල් හරහා විකිණෙන බව වාර්තා වෙයි.

     

    ක්වීන්ස්ලන්ඩ් මන්ත්‍රීවරයෙකු වන කෙයිත් පිට් විසින් උද්‍යාන වගා ක්ෂේත්‍රයෙහි විදෙස් ශ්‍රමික සූරා කෑම පිළිබඳ විවෘත පරීක්ෂණයක් කැඳවීය.

     

    බොහෝ ගොවීන් අඩු වැටුප් ශ්‍රමිකයන්ට ගෙවන සමාගම් වලින් ශ්‍රමය ලබා ගන්නා බැවින් ඔවුනට විරුද්ධ වූ චෝදනා ගොනු කෙරෙණු ඇතැයි ඔහු පැවසීය.

     

    සංක්‍රමික ශ්‍රමිකයන් ඕස්ට්‍රේලියානු කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය බව ජාතික ගොවි සම්මේලනය ප්‍රකාශ කර ඇත. ඔවුන් රහිතව අස්වනු නෙළන වැඩ අධික කාලයේදී දරුණු ශ්‍රම හිඟයකට මුහුණ පෑමට සිදු වෙතැයි එහි සභාපති බ්‍රෙන්ට් ෆින්ලේ පැවැසීය.

     

    කෙසේ වෙතත් ශ්‍රමිකයන් සූරාකෑමට ලක් නොකරන කොන්ත්‍රාත් සමාගම් වල සේවය ලබා ගැනීම ගොවීන්ගේ වගකීමක් බව ඔහු පැවසීය.

     

    ගොවීන්ගේ පමණක් නොව මෙය මුළු මහත් සැපයුම් දාමයේම ගැටලුවක් බවද ඔහු තවදුරටත් පැවසීය.

    මූලාශ්‍රය - BBC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya